IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කුඩු විකුණා ඉපැයූ දේපොළ රාජ සන්තක කරයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු  මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ඉපයූ මුදල්වලින් පොල්ගස්ඕවිට ප්‍රදේශයේ ඉදිකරන ලද රුපියල් කෝටි තුනක් පමණ වටිනා සුඛෝපභෝගී දෙමහල් නිවසක් පරිහරණය තහනමට ලක් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

එම නිවසේ පදිංචිව සැකකරුගේ සමීපතමයෙකුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඉකුත් ජනවාරි මස දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් කැස්බෑව ප්‍රදේශයේදී හොරයින් මත්කුඩු ග්‍රෑම් 22 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.

ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මත්කුඩු පානදුර සලිදු නැමැත්තාට අයත් ඒවා බවට අනාවරණය විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් කළ පරීක්ෂණවලදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් පොල්ගස්ඕ විට හල්පිට පාසල් මාවතේ එකී නිවස පිහිටි ඉඩම අත්අඩංගුවට ගත් සැකකාරියගේ මවගේ නමින් මිලදීගෙන ඉදිකර තිබූ බවට අනාවරණය විමෙන් අනතුරුව මෙලෙස තහනමට ලක් කළ බව බව පොලිස් නිලධාරීයෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකාරිය ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී හල්පිට දුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදල්වලින් මිලදී ගත් තවත් ඉඩම් දෙකක් සහ ඉදිකෙරෙමින් පවතින නිවාස දෙකක් පිළිබඳව තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.



අදහස් (3)

කුඩු විකුණා ඉපැයූ දේපොළ රාජ සන්තක කරයි

Perera Tuesday, 27 September 2022 04:21 AM

හැබැයි මහජන මුදල් සහ දේපළ අවභාවිතා කරලා උපයාගත් දේපළ, වත්කම් ඔහොම රාජසන්තක වෙන්නේ නැහැ ලංකාවේ නම්.. ජයවේවා...! 

:       0       1

tikiribuwa Tuesday, 27 September 2022 08:52 AM

වැරැදි නරක අභිරහස් මුදල්වලින් සැප පහසුවට ජීවත් වෙන්න ඉඩ දෙන්න එපා. මේ උතුම් නීතිමය ක්‍රියාවට අපගේ ප්‍රශංසාව...!

:       0       1

sanuwa D Tuesday, 27 September 2022 05:07 PM

දේශපාලකයන් හොරාකාපුවත් බලන්න. නැතිනම් රට දුප්පත් වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 576 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 724 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 302 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site