IMG-LOGO

කුඩු මර්වින් හතළිස් වසක් හිරේ

වේලායුදන් මෙතියස් හෙවත් කුඩු මර්වින් අනභිමුඛයේ නඩුවක් විභාග කළ කොළඹ මහාධිකරණය ඔහුට 20 වසරක සිර දඬුවම් නියම කළේය.

2008 දී හෙරොයින් ජාවාරමෙන් රුපියල් ලක්ෂ 290ක් දේපළ කැලණීයෙන් හිමිකර ගත්තැයි ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි. ඔහුට රුපියල් ලක්ෂ 255ක දඩ ගෙවන ලෙසද පද්මිණී එම්.රණවක මහාධිකරණ විනිසුරුවරිය නියෝග කළාය.

දඩය නොගෙව්වහොත් සිර දඬුවම තවත් වසර හතරකින් දීර්ඝ කරන බවද විනිසුරුවරිය කීවාය. මින් වසර කිහිපයකට පෙර කුඩු මර්වින් බන්ධනාගාරයේ සිට අලුත්කඩේ අධිකරණයට රැගෙන එද්දී නාදුනන පිරිසක් ඔහු පැහැර ගෙන ගොස් ඇත. පසුව නඩුව විභාග වූයේ ඔහු නොමැතිවය.

ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්ද රතු නිවේදනයක් ද නිකුත් කැරිණි.

ඔහුට එරෙහි චෝදනා දෙකට අවුරුදු 20 බැගින් අවුරුදු 40ක සිර දඬුවම් නියම විය.

 



අදහස් (0)

කුඩු මර්වින් හතළිස් වසක් හිරේ

විපුල Monday, 13 June 2016 04:27 PM

අනේ මම හිතපු කෙනා නෙමෙයිනේ (අ)

:       0       0

අනිල් Monday, 13 June 2016 10:33 PM

හරියට රටේ නීතියක් ක්‍රියාත්මක වෙනවා නම් අනිත් සමහර අයටත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබෙන්න ඕනෑ (නි)

:       0       0

එන්සිනා Monday, 13 June 2016 10:38 PM

මේ හිටපු ලොක්කා ළඟ තිබුණු ෆයිල් එකක් වගේ. කොහොමහරි කමක් නැහැ අවුරුදු අටකට පස්සෙවත් මේ අවුරුදු ගණන් පරණ නඩුවලට තීරණයක් දෙන එක හොඳයි (නි)

:       0       0

ඩග්ලස් Tuesday, 14 June 2016 09:43 AM

මට මේ නම මතක් වෙන කොට වෙන පුද්ගලයකු මතක් වුනා.(හේ)

:       0       0

ලංකා Tuesday, 14 June 2016 03:02 AM

කුඩු ළඟ තබාගැනීම මරණ දඬුවම නියමවන වරදක්. (නි)

:       0       0

තිලක් - නුවර Monday, 13 June 2016 12:08 PM

මට මතක් උනේ වෙන කෙනෙක්ව. (ර)

:       0       0

ප්‍රසන්න Tuesday, 14 June 2016 03:32 AM

කතාකරලා වැඩක් නැහැ මේවා ගැන (නි)

:       0       0

නිහාල් Tuesday, 14 June 2016 03:34 AM

මෙහෙම මතක හිටින දඬුවම් දීමෙන් අපරාධ අවමවෙනවා (නි)

:       0       0

සුජී Monday, 13 June 2016 12:25 PM

මමත් මොහොතකට සතුටුවූනා මේ නම දැක්කම. (ර)

:       0       0

සෙනරත් Tuesday, 14 June 2016 04:09 AM

මේ මනුස්සයට දේශපාලන සම්බන්ධකම් නැතුව ඇති. එහෙම නැත්නම් කොහොමද ප්‍රසිද්ධ කුඩුකාරයෝ කිසි කරදරයක් නැතුව ඉන්නේ? (නි)

:       0       0

පියුමි Monday, 13 June 2016 02:49 PM

කුඩු මර්වින් කියන්නේ අර කැලණියේ මර්වින් සිල්වාද? (බ)

:       0       0

ජයම්පති Monday, 13 June 2016 03:25 PM

මාතෘකාව දැකපු ගමන් ඔලුවට ගියේ වෙන කෙනෙක් ගැන. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 528 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 699 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site