කඩුගන්නාව ඉලුක්වත්ත අලදූවක නාය යෑමෙන් නිවාස දෙකක සිටි හය දෙනකු සොයා සිදුකරන මෙහෙයුම්වලදී කාන්තාවකගේ හා දරුවකුගේ සිරුරු හමුවී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
අතුරුදන් වූවන් සොයා කඩුගන්නාව පොලිසිය හා හමුදාව තවදුරටත් මෙහෙයුම් සිදුකරති.
කඩුගන්නාවේ නායයෑමක් : හයක් අතුරුදන් 2016 @ 8:36
මහනුවර කඩුගන්නාව ඉලුක්වත්තේ නාය යෑමකින් පසු අතුරුදන් වූ බව කියන හය දෙනකු සෙවීමේ මෙහෙයුම් ආරම්භ වී ඇතැයි ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව කියයි.
සඳුදා (17) රාත්‍රි 12 ට පමණ නිවාස දෙකක් මතට පස් කන්දක් කඩා වැටී ඇති බවත් නිවාස දෙකේ සිටි පවුල් දෙකක මව්වරුන් දෙදෙනකු (48 හා 46) ද පුතුන් සිව්දෙනකු ද අතුරුදන්වූවන් අතර සිටින බව කියති. ඒ අතර එක් නිවසක සිටි වයස අවුරුදු 25 හා 15 තරුණයන්ද අනෙක් නිවසේ සිටි 16 හා 8 සිසුන් දෙදෙනාද අතුරුදන්ව සිටිති.
අතුරුදන් වූවන් සෙවීම සඳහා කඩුගන්නාව පොලිසියේ හා හමුදාවේ නිලධාරීහුද ප්‍රදේශවාසීහු ද එක්ව සිටිති.
ජායාරූප මොහොමඩ් අාසික්
ඡායාරූප - චමිල් රූපසිංහ
ඡායාරූප - සෙනරත් බණ්ඩාර
(වීඩියෝ - චමිල් රූපසිංහ)
(වීඩියෝ - සෙනරත් බණ්ඩාර)
2025 දෙසැම්බර් මස 30
129
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
755
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
373
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
කඩුගන්නාවේ පස් කන්ද ජීවිත දෙකක් බිලිගනී : තව හතරක් සොයා මෙහෙයුම්
නුවන් Tuesday, 17 May 2016 06:35 AM
සොබාධර්මෙත් කෙනෙහෙලිකම් කරන්නෙ අහින්සක අසරන මිනිසුන්ටමයි. (ර)
ඉනෝකා Tuesday, 17 May 2016 12:32 PM
කලින් දැනුම් දීමක් වත් කර මේ අහිංසකයන්ව අවදානම් ප්‍රදේශ වලින් ඉවත් කළා නම් වටිනා ජීවිත බේරාගැනීමට තිබුනා නොවේද? (ර)
සතිෂ් Tuesday, 17 May 2016 07:45 AM
මේකට ප්‍රධාන හේතුව ඔය කන්ද ආශ්‍රිතව කරන කළුගල් කැඩීමයි. ගල් වලවල්කරුවන් බෝර දමද්දී අලදූවක විතරක් නොවෙයි කිරිවවුල, උරුලෑවත්ත, කහඹේ ආදී අවට ගම්මාන ඔක්කොම දෙදරුම් කනවා! (නි)
ශාන සෞදි Tuesday, 17 May 2016 08:15 AM
ජීවිත පුජාවෙන් රට බේරාගත් රණවිරුවන් කිසිදු බේදයක් නොමැතිව රටේ සිදුවන සියලු විපත් වලදීද අවුව වැස්ස නොබලා රටේ ජනතාව බේරාගැනීමට උපරිම දිරියෙන් මේ කරන්නාවූ කර්තව්‍යයන් වල පින් බලෙන් ඔවුන්ට සියලු සැප සම්පතින් පිරි අනාගතයක් ලබාගැනීමට සියලු පින් අත්වේවා! ඔබට අප සදා ණයගැතියි! ඔබ සැමට තෙරුවන් සරණයි! ඔබට ජයෙන් ජය! (නි)
තිස්ස Tuesday, 17 May 2016 08:38 AM
සසර මතු කිසිදිනක මෙවන් දුකක් නොවේවා..!!! (නි)