
(යොහාන් භාසුර)
නීති විරෝධීව මෙරටට රැගෙන ඒමට තැත් කළ රුපියල් මිලියන 435 ක් හෙවත් රුපියල් කෝටි 43 කට අධික වටිනාකමින් යුතු විදේශීය දුම්වැටි තොගයක් රේගු දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මෙම දුම්වැටි තොගය ඔරුගොඩවත්ත බහලුම් පරීක්‍ෂණ අංශයේදී රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බවත් එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ ජබිල් අලි වරායේ සිට මෙරටට ගෙන්වා තිබූ අඩි 20 බහලුමක් තුළ මෙම දුම්වැටි තොගය තිබූ බවත් අරුක්ගොඩ මහතා කීය.
කාර්යාලීය පුටු ගෙන්වන බවට රේගුවට තොරතුරු ඉදිරිපත් කර මෙම බහාලුම තුළ මෙලෙස නීති විරෝධීව දුම්වැටි ගෙන්වා ඇති බවත් මෙම දුම්වැටි තොගය රේගුවෙන් පිටවූයේ නම් රුපියල් මිලියන 378 ක් හෙවත් රුපියල් කෝටි 38කට අධික තීරු බදු මුදුලක් රේගුවට අහිමිවන බවත් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.
මෙම දුම්වැටි ගෙන්වීම සම්බන්ධයෙන් රේගු ආදායම් අධීක්‍ෂණ අංශයේ නිලධාරීන් විසින් වාප්පු ලිපිකරුවකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මෙම දුම්වැටි තොගය මෙරටට ගෙන්වීමට කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව ද ඒ මහතා සඳහන් කළේය.
රේගු අධ්යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතාගේ අධීක්‍ෂණය යටතේ රේගු අදායාම් අධීක්‍ෂණ අංශයේ රේගු අධ්‍යක්‍ෂ තිලක් සුරවීර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ තිස්ස දහනායක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂවරු වන උපුල් ගෝනවල, සඳගෝපන්, රේගු අධිකාරි අකිල රූපසිංහ, සඳුන් බටගොඩ, අනුෂ්කා කුරේ, රඛිත ආරියසේන යන මහත්ම මහත්මීහු මෙම දුම්වැටි තොගය සම්බන්ධයෙන් වැඩිදුරට පරික්‍ෂණ පවත්වති.


2025 නොවැම්බර් මස 04
763
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2406
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කෝටි 43 ක දුම්වැටි ඔරුගොඩවත්තෙන් අල්ලයි