(නවරත්න සමරතුංග)
කොටි ත්‍රස්තවාදීන් පහර දෙන බවට අම්පාර නවගිරියාව කැලයේ සිට කෑ ගසා ගම්වාසීන් බියට පත්කොට මහත් කල බැගෑනියක් ඇති කළ බව කියන පුද්ගලයන් හත් දෙනකු අද මධ්‍යම රාත්‍රියේ අත් අඩංගුවට ගත් බව බක්කිඇල්ල පොලීසිය පවසයි.
'කොටි කපන වෝ' යැයි විලාප නගමින් පිරිසක් කෑ ගසන හඬ ඇසී විදුලි වැට ආරක්ෂා කරමින් සිටි සිවිල් ආරක්ෂක සහ වනජීවී නිලධාරින් ඒ බව බක්කිඅල්ල පොලීසියට ඒ බව දැනුම් දී ඇත.
මේ අතර වාරයේ ගම්වාසීන් බියට පත්ව ආරක්ෂාව පතා 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දැනුම්දුන් බව කියති.
ඒ අනුව අම්පාර සහ අරන්තලාව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුධ හමුදා භට පිරිසක් පැමිණ පොලීසිය හා එක්ව සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත.
එහිදී මෙම සැක කරුවන් පැමිණී යතුරු පැදියක් පාපැදි තුනක් සහ ත්‍රිවිලරයක් අවට නිවෙස්වල නතර කර ගොස් තිබියදී සොයා ගැනීමට ආරක්ෂක අංශ සමත් විය.
ඒ අනුව වැඩිදුර විමර්ශනය කිරීමේදී සැකකරුවන් හත් දෙදෙනකු දිවුලාන වනාන්තරයට පලා යමින් සිටියදී උදෑසන අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘‘කොටි එනවෝ‘‘ කියා ගැමියන් බය කළ හතක් අල්ලයි
රසික Wednesday, 18 May 2022 03:04 PM
මේ අය මොන දේශපාලක පක්ෂයේ ආධාරකරුවන්ද? ඒවා හෙලි කරන්න..
යෝගා Wednesday, 18 May 2022 03:36 PM
කවුද මේ අය...? ජෙප්පොද, කුරුට්ටොද, බයියොද, පුතාණෝගේ සෙට් එකක්ද? කවුරු වුණත් මාස හයකටවත් ඇතුළට දාන්න.
කිරි පුතා Wednesday, 18 May 2022 04:19 PM
මෙය විහිළුවක් ලෙස සරලව නොසලකාවි යැයි සිතමු. සිද්ධිය ගැන සහ පුද්ගලයින් ගැන පුළුල්ව පරීක්ෂණ කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු. නැවතත් එවැනි ශාපයක් නම් මේ රටට ඕනෑම නැත.
BamunuarachchiThursday, 19 May 2022 08:57 AM
අපි ශාපයට මුල පුරන්නේ නැහැ නමුත් උන් ශාපය ගෙනාවොත් අපිට ශාපයෙන්ම උත්තර දෙන්න වෙනවා. ඔය භය කිරීමක් නොවෙයි ඔවැනි අවස්තාවක් ආවොත් මිනිස්සු ක්‍රීයා කරන ආකාරය බලන ක්‍රමයක්. දැන් ගණන් බලන්න කීදෙනෙක් පන එපා කියලා දිව්වද? කී දෙනෙක් මුහුණ දෙන්න සුදානම් උනාද? ජෙප්පන්ගේ හැසිරීම කොහොමද? කියලා. සිංහලයාගේ මොරාල් එක කඩාවට්ටන්න එපා. තවත් LTTE එක නැගිටින්න උත්සාහ කරනවානම් එකියන්නේ පාඩමක් ඉගෙනගෙන නැහැකියලා.