IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


කොටදෙනියාව සිසුවාට පහරදුන් අයගේ වංහුං ඉල්ලයි

කොටදෙනියාව සේයා  දැරිය පැහැරගෙන  ගොස් මරා දැමීයැයි පාසල් සිසුවකු අත්අඩංගුවට ගෙන පහරදුන් බවට ඔහු විසින්ම හඳුනාගෙන ඡායාරූප ඉදිරිපත් කර ඇති පොලීසියේ  සිව්දෙනාගේ නම් සහ  නිලතල අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) පොලිස්පතිවරයාට නියෝග කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කරනු ලැබුවේ කොටදෙනියාව සේයා  දැරිය පැහැරගෙන අපයෝජනය කර මරා දැමීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තමා අත්අඩංගුවට ගෙන,වරද පිළිගන්නා ලෙසට බල කරමින් අමානුෂික ලෙෂ පහර දෙමින් දින ගණනාවක් පොලීසියේ රඳවා ගෙන සිටීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා එම පාසල් සිසුවා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය.

අගවිනිසුරු ප්‍රිසාත් ඩෙප් ,අනිල් ගුණරත්න සහ නලින් පෙරේරා යන මහත්වරුන් හමුවේ පෙත්සම කැඳැවිණි.

කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති සුජිත් උයද කුමාර ,මීගමුව සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, පොලිස්පති සහ නීතිපතිවරයා මෙම පෙත්සමේ වගඋත්තරකරුවෝ වෙති.

 පෙත්සම්කාර සිසුවා වෙනුවෙන් සාලිය පීරිස් සහ තිෂ්‍ය වේරගොඩ නීතීඥවරු පෙනී සිටියහ.



අදහස් (0)

කොටදෙනියාව සිසුවාට පහරදුන් අයගේ වංහුං ඉල්ලයි

දේව් Tuesday, 30 August 2016 06:33 PM

පොලිසියේ හදන්න හුඟක් දේ තියෙනවා. කලින් චණ්ඩි වැඩ කළ අයටත් විරුද්ධව පැමිණිලි අවශ්‍යයි. (නි)

:       0       0

ටිකිරි Tuesday, 30 August 2016 11:46 PM

යහපාලනයක් ඇති නිසා මේවා මෙහෙම කරන්න පුළුවන් (නි)

:       0       0

සම්පත් පතිරණ Wednesday, 31 August 2016 05:59 AM

ඔව් ඔව් යහපාලනය නිසා හූ කීමත් වරදක් වෙලා (බ)

:       0       0

සමන් Tuesday, 30 August 2016 01:29 PM

මේ පුතා සටන් කරන්නේ ජනතා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්. පුද්ගලික සටනක් නොවේ. පුතාට අපේ ආශිර්වාදයත් හිමි වෙනවා. මේ වගේ සිදුවීම් ලක්ෂ ගානකින් එකක් විතරයි මේ. (අ)

:       0       0

අනුරාධ Tuesday, 30 August 2016 01:55 PM

මේ වගේ පොලිසියක් එක්ක රටක් දුවන්න බෑ.කරන්නේ ප්‍රශ්න විසදනවා වෙනුවට ඒවා අවුල් කරලා කාව හරි අල්ලලා දීල අත හෝදගන්න එක. ඇත්තට ලෝකේ ඉන්න අකාර්යක්ෂම පොලිසියක් කියුවත් වැරදි නෑ. (අ)

:       0       0

බෙනට් Tuesday, 30 August 2016 02:49 PM

ඇයි මේ ළමය ඒ කාලේ හිටපු පොලිසිය බාර ඇමති , පොලිසිය බාර ලේකම් දෙන්නව මේකට ඇතුල් කලේ නැත්තේ .? මේ වගේ මුළු රටක් කලබල වෙන ප්‍රශ්නකදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඒ දෙන්නත් ප්‍රශ්නයට මැදිහත්වෙන බව නීතිවේදීන් දන්නේ නැද්ද ? (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 543 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 713 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 293 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site