යුද්ධය පරාජය කර අවුරුදු හතක් ගතවුණත් පරණ පුරුදු තවම තියෙනවාලු. පොලිසියේ ලොකු මහත්තයකු ගේ ආරක්ෂාවක් දැක්කාම ඒ බව පේනවාලු.
දැන් ඔහුගේ රාජකාරිය පරණ කොටි කටේලු. මිනිහා ගමන් බිමන් යන්නේ ඉස්සරහින් පස්සෙන් ආරක්ෂාව ඇතුවලු. මෝටර් සයිකල්කරුවකු ඉදිරියෙන්ම යනවාලු. සුදු මේස් දමාගත් නිලධරයකු වාහනය පස්සෙන් වාඩිවෙලාලු. නිල රථය ඊළඟටලු. ඊට පසුව සන්නද්ධ පොලිස් භටයන් රැගත් ජිප් රියක්ලු. මේ සියල්ලම කරන්නේ කොටියාට බයේලු. ඒත් කොටි පුළුටක්වත් දැන් ඒ පැත්තේ නැතිලු.
මේ ලොක්කා යන එන විට වෝකිටෝකි සංඥා තොරතෝංචියක් නැතිව ඇහෙනවාලු. පාර දෙපැත්තේ මැස්සෙකුටවත් ඉන්න දෙන්නේ නැතිලු. සියලුම වාහන හා මිනිසුන් නවත්වනවාලු. සුදු අත්මේස්කරුගේ සංඥාවට වාහන දැන් ඉබේම නවතිනවාලු.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කාකි ලොක්කකුට ආරක්ෂක මේනියාවක්
සමන් Tuesday, 02 August 2016 04:19 AM
කවුද මේ පුද්ගලයා.(හේ)
චින්තක Friday, 05 August 2016 12:26 PM
කවුද මේ? (නි)
සමන් Tuesday, 02 August 2016 04:36 AM
කමක් නැහැ (බ)
තිලක Tuesday, 02 August 2016 05:28 AM
එහෙම තමයි උතුරු පළාතේ ඉන්න ඕනේ.(හේ)
රොහාන් Thursday, 04 August 2016 12:20 PM
කරුණා කරලා කවුද කියල කියන්න අනික් නිලධාරින්ට අසාධාරණයි ..(රේ)
විමල් Tuesday, 02 August 2016 12:19 PM
ෂේප් එකේ තමයි ඉන්න ඕනේ. වැඩි සෝබන ඕනේ නෑ (බ)
ඩිල්ෂාන් Saturday, 06 August 2016 10:10 AM
කොටි පුළුටක් නැහැ කියලා කියන්නේ කොහොමද? "අපි කොටි" කියලා බෝඩ් ගහගෙන යන කොටි යුද්ධ කාලේවත් හිටියේ නැහැ. (නි)
කුමාර් (ගල්ෆ්) Monday, 08 August 2016 10:52 AM
යුධය නතර වුනත් අරාක්ෂාව ඒ ආකාරයෙන්ම කරගෙනයාම කිසිම වරදක් නෑ, දෙයක් වුනාට පස්සේ හරිගස්සනවාට වඩා හොඳයි එය වළක්වන එක. ඉස්සෙල්ලම කොටි ගහලා හමුදාවේ 13 දෙනා මැරුනේ කිසිම බලාපොරොත්තුවක් නැති වෙලාවක. (බ)
පියුමි Thursday, 11 August 2016 12:19 PM
තමන්ගේ ආරක්ෂාව තමන් සළසා ගැනීම නිවැරදි ක්‍රමයක්. කාටවත් කරදරයක් නැහැ. නොකළොත් ප්‍රශ්නයක් වෙනවා. තමන් මැරුනොත් පාඩුව පවුලේ අයට. (නි)
ජනහිත Sunday, 31 July 2016 11:23 PM
කමක් නැහැ නේද? මොකද ඔය පළාත්වල ඔය විදිහට හැසුරුනේ නැත්නම් අපිට ඔලුව තියාගෙන ඉන්න වෙන එකක් නැහැ. (නි)
කුමාර Wednesday, 03 August 2016 03:21 PM
එහෙම තමයි උතුරු පළාතේ ඉන්න ඕනේ. නැත්නම් අපිට මොනවා වෙයිද දන්නේ නැත (බ)
ඔගස්ටින් Wednesday, 10 August 2016 05:14 AM
පසුගිය රජයේ කෙනෙක් වගෙයි (නි)
රන්දික Wednesday, 10 August 2016 05:11 AM
ඔය පරණ පුරුද්ද. ගිය රජයේ කෙනෙක් වගේ (නි)
සුදේශ් Thursday, 04 August 2016 05:31 PM
මේ පරණ රාජධානියකට ළඟදී පත්වුණ කෙනෙක්ද? (නි)
ප්‍රනාන්දු Wednesday, 03 August 2016 08:19 PM
හොඳ දෙයක් පෙර සූදානම. එයින් ශ්‍රී ලංකාව සහ එම උසස් නිලධාරියාවද ආරක්ෂා වනු ඇති (නි)
ලුම්බිණි Wednesday, 03 August 2016 03:47 AM
මේ විදියට දැන් හැසිරීම ආරක්ෂක මේනියාවක් තමයි. (ම)