(කුෂාන් ජයවර්ධන)
කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධීපතිවරයා ඇතුලු එම අංශයේ පොලිස් නිලධාරීන් 08 දෙනෙකු අද සවස ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබේ.
අපරාධ චෝදනාවක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි සැකකරැවකු අද (5) සවස කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශය මගින් කැකිරාව ඉහළගම ප්‍රදේශයේ නවාතැන්පලක සැගව සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් එම සැකකරැ හා ඔහුගේ සහෝදරයා අදාළ නවාතැන්පලේ දින අටක පමණ කාලයක් සැගව සිට ඇති අතර සැකකරැ සමග එකම කාමරයේ රැදී සිටි බව කියන ඔහුගේ සහෝදරයා කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් ප්‍රතිකාර සදහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස රෝහල් ගතකර ඇත්තේ අනුරාධපුර කුරුන්දන්කුලම ප්‍රදේශයේ පදිංචි කරැවෙකි.
ඒ අනුව එම පුද්ගලයා හා සැකකරු සැගව සිටි කැකිරාව ඉහළගම ප්‍රදේශයේ පිහිටි නවාතැන් පලේ හිමිකරැ ද, රෝග ලක්ෂණ පෙන්නුම් කළ පුද්ගලයා සමග එකට නවාතැන් ගෙන සිටි සැකකරැ අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ කැකිරාව පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධීපතිවරයා ඇතුලු නිලධාරීන් අට දෙනෙකුද, අදාළ සැකකරැ ද, පොලිස් ස්ථානයේ වෙනම ගොඩනැගිල්ලක ස්වයං නිරෝධායනයට ලක් කිරීමට කැකිරාව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කැකිරාව පොලිසියේ නිලධාරීන් 8ක් ස්වයං නිරෝධායනයට
Adikaari Monday, 06 April 2020 11:27 AM
තහවුරු නොවූ පුවතක් නේද?
Sajeewa udayanhani Wednesday, 08 April 2020 08:11 AM
අපේ නිලධාරින් 8 දෙනා ආරක්ෂා කර දෙන්න සියලුම දෙනාට පිහිටාරක්ෂාව ලැබී මුලු ලෝකෙන්ම මෙ ලෙඩෙ තුරන් වෙවා...අපේ සියලුම ජනතාව හරියාකාරව නීතිරීති පිළිපැද්දොත් අපි සේරමලා බෙරිලා... මෝඩ මිනිසුන් අණ නොපිළිපදින එක තමයි භයානක...