IMG-LOGO

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයට ලාංකිකයෙකුත්

(ගයාන් සූරියආරච්චි)

ඕස්ට්‍රේලියාවේ 47 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කරගනු ලබන ෆෙඩරල් මැතිවරණය සඳහා ඕස්ට්‍රේලියාවේ, ස්කලින් ඡන්ද කොට්ඨාසය නියෝජනය කරමින් ශ්‍රී  ලාංකිකයෙක් ද ඉදිරිපත්වී සිටියි.

මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි සිසුවකු වන මොරටුවේ පදිංචිව සිටි විරෝෂ් පෙරේරා ලිබරල් පක්ෂය නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවේ ඡන්දයට ඉදිරිපත්වී සිටියි.

ව්යාරපාර කළමනාකරණය හා අලෙවිකරණ ක්ෂේත්‍ර යේ කථිකාචාර්යවරයකු මෙන්ම පර්යේෂකයකු  ලෙස වසර 13 ක අත්දැකීම් බහුල වෘත්තිකයකු ලෙස විරෝෂ් හැඳින්විය හැකිය.

මීට වසර 22 කට පෙර ඕස්ට්‍රේලියාවේ පළමු ශ්‍රී ලාංකික පුවත්පත වන සෙරන්ඩිබ් පුවත්පත ආරම්භ කරමින් එය එරට ශ්‍රී ලාංකිකයන්ට නොමිලයේ බෙදාදීමට පුරෝගාමී වූයේද විරෝෂ් ය.

අනිද්දා (21) දින මැතිවරණය පැවැත්වීමට නියමිතය.

අප කළ විමසීමකට පිළිතුරු දෙමින් විරෝෂ් මෙසේ අදහස් පළකළේය.

‘වික්ටෝරියා ප්‍රාන්තය නියෝජනය කරමින් ලිබරල් පක්ෂයේ ඡන්ද අපේක්ෂකයන් 38 දෙනෙකු තරගවදිනවා. ඔවුන් අතරින් මමත් එක් අයෙක්. මා තුළ ඇති දක්ෂතා සහ වෘත්තීය හැකියන් මත ලිබරල් පක්ෂයට මා වටිනා පුද්ගලයකු වනු ඇතැයි මා විශ්වාස කරනවා. 
පසුගිය කාලය පුරාවට එකම මන්ත්‍රී කණ්ඩායමක් ආසන නියොජනය කළා. අපට වෙනසක් අවශ්‍යයි. ස්කලින් ඡන්ද කොට්ඨාසයේ ජනතාවට නිදහසේ සාමකාමීව ජීවත්වීමට හැකි වාතාවරණයක් නිර්මාණය කිරීම මෙන්ම ජීවන වියදම අඩු කිරීම, මාර්ග තදබදය අවම කිරීම සහ පවුල් අතර පවතින සමාජ වටිනාකම ආරක්ෂා කිරීමටත් මා බලාපොරොත්තු වෙනවා.“ යැයි විරෝෂ් පැවැසීය.



අදහස් (4)

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයට ලාංකිකයෙකුත්

SWISS Thursday, 19 May 2022 06:42 PM

ඕස්ට්‍රේලියාවේ ඉඳලා පෙලපාලි නටපු සිංහල අයම මෙයාටත් ඕස්ට්‍රේලියාවේ පෙළපාලි යයිද දන්නේ නැහැ "විරෝගෝගම " කියලා.. සිංහල අකුරු දාපු බෝඩ් උස්සගෙන!!!

:       32       31

Ruwan R Thursday, 19 May 2022 07:39 PM

ජයවේවා...! 

:       4       30

Dileepa Saturday, 21 May 2022 06:31 AM

හොඳට තියෙන ඔස්ට්‍රේලියාවටත් නරක කාලයක් එන්න යන්නෙ..

:       0       3

Shiro Saturday, 21 May 2022 07:05 AM

ඕස්ට්‍රේලියාවත් ඉවර කරන්න තමයි ඉතින් මේ ගොල්ලෝ පාර්ලිමේන්තුවට ගිහිල්ලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 281 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site