IMG-LOGO

ඕමානයේ කතුන් අතරමංකළ කතකට ඇප

(නිමන්ති රණසිංහ)

ඕමාන් රටේ ගෘහ සේවිකා රැකියා සදහා යැයි පවසමින් ශ්‍රී ලාංකික කාන්තාවන් එරටට ගෙන ගොස් අතරමංකළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් දඹුල්ල ප්‍රදේශයේ කාන්තාවක රුපියල් ලක්ෂ -තුන බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා අද (21) නියෝග කළේය.

තම සේවාදායිකාව ඕමාන් රටේ ආයතනයක වසර 22ක් තිස්සේ භාෂා පරිවර්ථිකාවක වශයෙන් සේවය කළා මිස කිසිදු ශ්‍රී ලාංකික කාන්තාවක විදෙස් සේවය සදහා මෙරටින් රැගෙන ගොස් නොමැති අයකු බව සැකකාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ නිරෝෂන් සිරිවර්ධන මහතා කළ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

මෙලෙස ඇප මත මුදා හැරීමට නියෝග කළේ ‘ඉන්ටර්ග්‍රේටට් රූරල් සාමා’ නැමැති ඕමාන් රටේ විදේශ සේවා ආයතනයක භාෂා පරිවර්ථිකාවක වශයෙන් සේවය කළ දඹුල්ල ප්‍රදේශයේ පදිංචි ආශා දිසානායක නැමැත්තිය ය.



අදහස් (1)

ඕමානයේ කතුන් අතරමංකළ කතකට ඇප

Ruhunu Monday, 21 November 2022 11:35 PM

බලන්ගියාම දැන් වැරදි කරපු කිසිවෙක් නැත.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 113 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 327 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 147 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site