IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


එළිමහන් සංගීත ප්‍රසංග කාලය අලුයම 1.00 වෙනකල් ඉල්ලයි

(යොහාන් භාසුර)

එළිමහන් සංගීත ප්‍රසංග පවත්වන කාලය අලුයම 1.00 දක්වා දීර්ඝ කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ගායක ගායිකාවන්ගේ සංගමය වෙනුවෙන් සන්ෆවර්ස් සංගීත කණ්ඩායමේ නායක නීල් වර්ණකුලසූරිය මහතා අද (29) පැවසීය. 

නීල් වර්ණකුලසූරිය මහතා ගායක ගායිකාවන්ගේ සංගමය කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.  

සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා සතියේ දින හතරේදී එළිමහන් සංගීත ප්‍රසංග  රාත්‍රී 10.00 ට නතර කළ යුතුවීම විශාල ගැටලුවක් බවත් ඒ පිළිබඳව අවදානය යොමු කර පසුදින අලුයම 1.00 දකවා ප්‍රසංග පැවැත්වීමට අවස්ථාව දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා කීය. 

මෙම තත්වය හේතුවෙන් සංගීත ක්ෂේත්‍රයට සම්බන්ධ බොහෝ දෙනෙක්ට රැකියා කරගත නොහැකි තත්වයකට පත්ව ඇති බව කී වර්ණකුලසූරිය මහතා රාත්‍රී 10.00 ප්‍රසංග නතරකිරීමට අපේක්‍ෂකයන් ද අකමැති බව ද සඳහන් කළේය. 

 



අදහස් (9)

එළිමහන් සංගීත ප්‍රසංග කාලය අලුයම 1.00 වෙනකල් ඉල්ලයි

ජිල්බු Wednesday, 29 January 2025 03:37 PM

5ටා පටාන් අරගෙන, 10ටා ඉවරා කරාන්ට අවශ්‍යායි. 10ටා බැරිනාම් ඉන්ඩෝ ගහන්ඩෝ...!

:       4       25

ලයන් Wednesday, 29 January 2025 04:00 PM

කරුණාකර මෙයට ඉඩදෙන්න එපා...!

:       3       27

Chamila Fernando Wednesday, 29 January 2025 04:03 PM

අනිවාර්යයෙන් වෙලාව වෙනස් කළ යුතුයි. ටුවරිසම් තියක අනිවාර්යයෙන් රෑ වෙනකන් සංගීතය තිබිය යුතුමයි...

:       24       4

ජිල්බු Wednesday, 29 January 2025 05:22 PM

මල්ලේ පොල්ද, නැත්තං වෙන මොනවා හරිද? මේ කියන්නේ එළිමහන් සංගීතෙයි කියලා කන් පැලෙන්න සද්දේ දාගෙන මල් සිංදු ලතෝනි තාලෙට කියන එක ගැන....!

:       0       13

Janindu Wednesday, 29 January 2025 04:28 PM

කන්කරච්චල් රෑ එක වෙනකං අහන්න කියලාද කියන්නේ?

:       1       23

Nimal 1 Wednesday, 29 January 2025 05:57 PM

මේ ඉල්ලීමට අවසර දෙන්න එපා. මිනිස්සුන්ට රාත්‍රිෙය්දී නිදහසේ නිදාගැනීමට අවශ්‍යයි.

:       0       15

Chinthaka Wednesday, 29 January 2025 06:32 PM

මුළු දවසම වැඩකරලා මහන්සිවෙලා ගෙදරට එන මිනිස්සු නිදාගන්නේ නැතිද? පහුවදාට රැකියාවට යන්නේ නිදිමතේද? ලෝකයේ දියුණු රටවල රෑ 10 න් පසු පිටත සංගීත සංදර්ශන පැවැත්වීම තහනම්. සංදර්ශන ශාලාවක පැවැත්වීමට පුළුවනි. මේවා කුඩු කාරයින්ට හොඳයි. නමුත් සාමාන්‍ය ජනතාවට හිතකර නැහැ..!

:       0       15

Ven.D.Revatha Thero Thursday, 30 January 2025 08:59 AM

ගෙවල් වල ළමයින් ඉගෙන ගන්නෙ නැතිද? මිනිස්සු නිදියන්නේ නැතිද මුන් බීල එලිවෙනකම් බුදියයි. මිනිස්සුන්ට හෙට දිනයේ වැඩ කරන්නේ කොහොමද මෙය නොකල යුතුයි.

:       0       4

චින්තක Thursday, 30 January 2025 11:36 AM

ඉස්සෙලම කියන්න අද ප්‍රසංග වේදිකාවේ ගී ගයන්න ඉන්නේ කවුද කියලා . ප්‍රවීණ දක්ෂ අයත් වයසට ගිහිල්ලා. එදා මිල්ටන්, ප්‍රියා ,ජෝති, නිහාල්, එම් එස් ,නුවන් වගේ අය හිටිය. ඒ අඩුව පුරවන්න නව පරපුරේ එක ශිල්පියෙක් ඉන්නවද ,එහෙම නැතිනම් අලුත් නිර්මාණ කරන්න හැකියාවක් තියෙන එක්කෙනෙක් ඉන්නවද ? ඉන්නේ විලාප තියෙන කොපි කැට් කාරයෝ ටිකක් විතරයි . ඔය අදෝනා අහගෙන ඉන්නද කියන්නේ එළිවෙනකල් .

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දලුව වෙරළට සහල් උරයක ඇසුරූ සිරුරක් ගොඩ ගසයි
2025 මැයි මස 03 682 0

නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා‍ මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල


පොලිස් ලොක්කාගේ රථය හැපූ රියදුරු අත්අඩංගුවට
2025 මැයි මස 03 974 0

පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්


අරගල සමයේ දේශාපාලන පොඩ්ඩෝ වන්දි ගත් හැටි ඇමති හෙළි කරයි
2025 මැයි මස 03 1111 0

2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල



ටිපරයක් පෙරළි තරුණයෙක් මරුට:පහක් රෝහලට
2025 මැයි මස 03 315 0

තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්


ගුවන්තොට උණුසුම් කළ ඉන්දියන් තොරතුර
2025 මැයි මස 03 1702 0

ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 590 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 152 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1178 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site