IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


එල්ලන්න යැවූ සිරකරුවන්ගේ විස්තර මුදා හරින්න නියෝග

(තරිඳු ජයවර්ධන)
 

මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණීය දණ්ඩනය නියම කිරීමට ජනාධිපතිවරයාට යොමු කළ නම් ලැයිස්තුවේ සඳහන් සිරකරුවන් 20 දෙනාට එරෙහිව දඬුවම් නියම කළ දින, නඩු අංක සහ  මරණීය දණ්ඩනය නියම කිරීමට අදාළව බන්ධනාගාර ආච්ඥා පනත යටතේ නිකුත් කර ඇති සියලුම රෙගුලාසි මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව අද (02) බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
 
තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව එම නියෝගය කළේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ මලින්ද සෙනවිරත්න මහතා ගොනු කළ අභියාචනා දෙකක් විභාගයට ගත් අවස්ථාවේදීය.
 
මරණීය දණ්ඩනය නියම කිරීම සදහා  බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරයාට යොමු කරන ලද නම් ලැයිස්තුව, ඔවුන්ට දඩුවම් නියම වූ දින, ඊට අදාළ නඩු අංක සහ බන්ධනාගාර ආඥා පනත යටතේ මරණ දඩුවමට අදාලව මෙතෙක් නිකුත් කර ඇති සියලුම රෙගුලාසිවල පිටපත් ලබා දෙන ලෙස ඉල්ලමින් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට මෙම අභියාචනා දෙක සිදු කර  තිබිණි.
 
ඒ අනුව අද අභියාචනා කැදවූ අවස්ථාවේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙනුවෙන් නිලධාරීහු පෙනී සිටියහ. මරණීය දණ්ඩනය නියම කිරීම සදහා 20 දෙනකුගේ නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයාට යවා ඇති බවක් තමන් නොදන්නා බව අමාත්‍යංශය දැනුම් දී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් දැනුම් දී ඇත්තේ එවැනි ලැයිස්තුවක් බන්ධනාගාර අමාත්‍යංශය හරහා ජනාධිපතිවරයාට යොමු කළ බවයි.
 
එම ලැයිස්තුව ලබා දීමට නම් එහි නම් සදහන් සිරකරුවන්ගේ කැමැත්ත විමසා සිටිය යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. එම නම් ලැයිස්තුව සම්බන්ධයෙන් තීරණයක් ලබා දීම කල් තැබූ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව එම පිරිසට මරණීය දණ්ඩනය නියම කළ දිනයන් සහ නඩු අංක ද, බන්ධනාගාර ආඥා පනත යටතේ මරණ දඩුවමට අදාළව මෙතෙක් නිකුත් කර ඇති සියලුම රෙගුලාසිවල පිටපත් ද අභියාචකයන් හට නිකුත් කරන  ලෙස නියෝග කළේය.



අදහස් (2)

එල්ලන්න යැවූ සිරකරුවන්ගේ විස්තර මුදා හරින්න නියෝග

Mahee Wednesday, 03 July 2019 01:27 AM

මම ප්‍රතිකාර ගන්න ගිය අවස්ථාවක් මතක් වුණා. ඒ විශේෂඥ වෛද්‍යවරයා පරීක්ෂණයක් කරගෙන එන්න කියලා දුන්නු තුණ්ඩුව කවරෙක දාලා හොඳට අලවලයි දුන්නේ මට බලන්න බැරිවෙන්න. පරීක්ෂණේ වෙලාවේ මං ඇහුවාමයි ස්කෑන් කරපු වෛද්‍යවරයා කිව්වේ කැන්සර් එකක් තියෙනවද බලන්නයි පරීක්ෂණය කලේ කියලා. ලංකාවේ වෛද්‍යවරු ලෙඩ්ඩුන්ව මානසික වශයෙන් වට්ටන්න කැමති නැහැ. මේ වැඩේ කළොත් වෙන්නේ ඒ සිරකරුවෝ මැරි මැරී ජීවත්වෙන්න පටන් ගන්නවා...

:       0       29

පිටිගල මිලානෝ Wednesday, 03 July 2019 05:14 AM

දුමින්ද සිල්වා ඉන්නේ දාහත් වෙනියට..

:       1       70

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 349 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 399 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site