(තරිඳු ජයවර්ධන)
මත්ද්‍රව්‍ය වැරදි සඳහා මරණීය දණ්ඩනය නියම කිරීමට ජනාධිපතිවරයාට යොමු කළ නම් ලැයිස්තුවේ සඳහන් සිරකරුවන් 20 දෙනාට එරෙහිව දඬුවම් නියම කළ දින, නඩු අංක සහ මරණීය දණ්ඩනය නියම කිරීමට අදාළව බන්ධනාගාර ආච්ඥා පනත යටතේ නිකුත් කර ඇති සියලුම රෙගුලාසි මුදා හරින ලෙස තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව අද (02) බන්ධනාගාර දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව එම නියෝගය කළේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ මලින්ද සෙනවිරත්න මහතා ගොනු කළ අභියාචනා දෙකක් විභාගයට ගත් අවස්ථාවේදීය.
මරණීය දණ්ඩනය නියම කිරීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ජනාධිපතිවරයාට යොමු කරන ලද නම් ලැයිස්තුව, ඔවුන්ට දඩුවම් නියම වූ දින, ඊට අදාළ නඩු අංක සහ බන්ධනාගාර ආඥා පනත යටතේ මරණ දඩුවමට අදාලව මෙතෙක් නිකුත් කර ඇති සියලුම රෙගුලාසිවල පිටපත් ලබා දෙන ලෙස ඉල්ලමින් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට මෙම අභියාචනා දෙක සිදු කර තිබිණි.
ඒ අනුව අද අභියාචනා කැදවූ අවස්ථාවේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය වෙනුවෙන් නිලධාරීහු පෙනී සිටියහ. මරණීය දණ්ඩනය නියම කිරීම සදහා 20 දෙනකුගේ නම් ලැයිස්තුවක් ජනාධිපතිවරයාට යවා ඇති බවක් තමන් නොදන්නා බව අමාත්‍යංශය දැනුම් දී තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් දැනුම් දී ඇත්තේ එවැනි ලැයිස්තුවක් බන්ධනාගාර අමාත්‍යංශය හරහා ජනාධිපතිවරයාට යොමු කළ බවයි.
එම ලැයිස්තුව ලබා දීමට නම් එහි නම් සදහන් සිරකරුවන්ගේ කැමැත්ත විමසා සිටිය යුතු බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය. එම නම් ලැයිස්තුව සම්බන්ධයෙන් තීරණයක් ලබා දීම කල් තැබූ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාව එම පිරිසට මරණීය දණ්ඩනය නියම කළ දිනයන් සහ නඩු අංක ද, බන්ධනාගාර ආඥා පනත යටතේ මරණ දඩුවමට අදාළව මෙතෙක් නිකුත් කර ඇති සියලුම රෙගුලාසිවල පිටපත් ද අභියාචකයන් හට නිකුත් කරන ලෙස නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ප්‍රතිකාර ගන්න ගිය අවස්ථාවක් මතක් වුණා. ඒ විශේෂඥ වෛද්‍යවරයා පරීක්ෂණයක් කරගෙන එන්න කියලා දුන්නු තුණ්ඩුව කවරෙක දාලා හොඳට අලවලයි දුන්නේ මට බලන්න බැරිවෙන්න. පරීක්ෂණේ වෙලාවේ මං ඇහුවාමයි ස්කෑන් කරපු වෛද්‍යවරයා කිව්වේ කැන්සර් එකක් තියෙනවද බලන්නයි පරීක්ෂණය කලේ කියලා. ලංකාවේ වෛද්‍යවරු ලෙඩ්ඩුන්ව මානසික වශයෙන් වට්ටන්න කැමති නැහැ. මේ වැඩේ කළොත් වෙන්නේ ඒ සිරකරුවෝ මැරි මැරී ජීවත්වෙන්න පටන් ගන්නවා...
දුමින්ද සිල්වා ඉන්නේ දාහත් වෙනියට..