IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


එරෝෆ්ලෝට් වාණිජ ගුවන් ගමන් අත්හිටුවයි

(විමුක්ති එස් රුද්‍රිගු)

එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එරෝෆ්ලෝට් ගුවන් සමාගමේ ගුවන් යානා ශ්‍රී ලංකාව වෙත බාධාවකින් තොරව පියාසර කිරීම සහතික කිරීමට ශ්‍රී ලංකාව අපොහොසත් වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එරෝෆ්ලෝට් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

ගුවන් ප්‍රවේශපත්‍ර අලෙවි කිරීම ද එරෝෆ්ලෝට් ගුවන් සමාගම විසින් අත්හිටුවා ඇත.

එරොෆ්ලොට් ගුවන් යානා සෑම සතියකම බ්‍රහස්පතින්දා , සෙනසුරාදා සහ ඉරිදා වශයෙන් සතියකට දින 03 ක් කටුනායක ගුවන් තොටුපළ වෙත ඍජු ගුවන් ගමන් සිදු කරයි.

රුසියානු ගුවන් යානා ශ්‍රී ලංකාවට පැමිණි විට කිසිදු හේතුවක් මත රදවා තබා ගැනීමක් සිදු නොකරන බවට ශ්‍රී ලංකාව සහ රුසියාව අතර එකඟතාවයක් ඇත.

ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් පැමිණෙන රට වන්නේද රුසියාවයි.

පසුගියදා අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගත්තේය.

 



අදහස් (23)

එරෝෆ්ලෝට් වාණිජ ගුවන් ගමන් අත්හිටුවයි

Eranga Saturday, 04 June 2022 10:01 AM

දැන් සැපද කියල තමයි අපිටත් අහන්න තියෙන්නෙ

:       0       0

Prabha Saturday, 04 June 2022 11:30 AM

ලෝකයා සතුටු කරන්න ගිහින් අඩුවට තෙල් ටිකවත් ගන්න තිබුණා.. රට නැතිකර ගත්තා..

:       5       133

Gagana Saturday, 04 June 2022 11:39 AM

ඔව්. දැන් අයර්ලන්තයෙන් තෙල් බැරලයක් ඩොලර් 35 කට දෙයි. මේ වගේ මෝඩ පරිපාලනයක් නිසා ජනතාවට එන්න තියෙන සහන ඔක්කෝම මේ අය එකතුවෙලා කනවා. අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න ගිහින්...

:       4       101

sisira Saturday, 04 June 2022 12:16 PM

එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකා වෙත සිදුකරන වාණිජ ගුවන් ගමන් නැවත දැනුම්දෙනතුරු අත්හිටුවා ලංකාවේ තේ ලබාගැනීමත් හමාර කරාවිද? එසේ වුවහොත් මීට පෙර රුසියාව සමග ඇතිවූ ඇස්බැස්ටෝස් ශීට් අර්බුදයට වඩා මෙම අර්බුදය සංවේදී වනු ඇත...

:       4       61

krishan Saturday, 04 June 2022 12:17 PM

මෙය උසාවි නියෝගයක් නොවේ නම්, අයර්ලන්ත රක්ෂණ සමාගමට පක්ෂපාතිව වැඩ කරමින්, වටිනා ගුවන් සේවයක්, මිත්‍ර රටක්, සංචාරක ව්‍යාපාරයට මරු පහරක් එල්ලකර රට තවත් කබලෙන් ලිපට ඇද දැමූ අයට වහා දැඩි දඬුවම් කළ යුතුයි...

:       3       60

මහසෙන් Saturday, 04 June 2022 12:46 PM

දැන් සැපයි, සනීපයයි දෙකම දැනෙනවා ඇති. මේ සිදුවීමට වග කියන්න දැන් කවුරුත් නෑ. අධිකරණයෙන් එහෙම තීන්දුවක් දුන් නෑ කියනවා. ආයතන බාර ඇමැතිත් නෑ. ප්‍රධානීන් ටිකට වෙච්චි දෙයකුත් නෑ. අයාලේ යන රටක ආයතනවලින් මෙහෙම දේවල් වෙන එක ගැන පුදුම වෙන්න ඕනෑත් නෑ...

:       2       58

කිරි පුතා Saturday, 04 June 2022 01:22 PM

මේ ප්‍රශ්නය මුලින්ම කාටත් දැනුණා. නීතිය විතරක් නෙවෙයි, මිනිසුන්ට සාමාන්‍ය දැනුමක් සහ පුංචි මොලයකුත් තිබිය යුතුයි...

:       3       79

චමින්ද Saturday, 04 June 2022 02:14 PM

අපට රංජන් මැතිතුමා මතක් වුණා... ජාතක පොතේ දීඝායු ජාතකයේ පුත දුර බලන්න.. ළඟ බලන්න එපා කියලා... රජතුමා අත්අඩංගුවට ගත් අවස්ථාවේ පුතාට කිව්වා එම උපදෙස් නිසා පුතාගේ ජීවිතය බේරුණා.. මේ කතා තියෙන්නේ කියවා රස විඳින්න නොවෙයි, මොළයක් තියෙන සැමදෙනාටම ඒවා තේරුම් ගන්න ඕනෑ...

:       16       37

Mangalard Saturday, 04 June 2022 03:31 PM

ක්ෂණිකව මැදිහත් වී ප්‍රශ්ණය නිරාකරණය කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ඇද ඇද හිටියොත් මුළු රටටම වන්දි ගෙවන්න වේවි... වැලේවැල් නැතිව ඉන්න වෙලාවේ රුසියාව වගේ මිතුරු රටවල් තරහ කරගන්න තරම් මරිමෝල් පාලකයින් තමයි අපට ඉන්නේ...!

:       2       94

SamanSaturday, 04 June 2022 06:18 PM

දැන් රට පාලනය කරන්නේ අධිකරණයයි.. විධායකය, ව්‍යවස්ථාදායකය වැඩක් නැත...

:       7       41

ජගත් ලියනගේ Saturday, 04 June 2022 04:32 PM

"ඉල්ලගෙන කනවා" කියලා එකක් අහලා තියනවා. අද තමයි ඒක ඇත්තටම දැක්කේ...

:       2       61

chanda Saturday, 04 June 2022 04:52 PM

නැවත උපදින 'බොර්න් එගේන්' කල්ලි මව් බිමට කට්ට සීරුවට අනිමින් ඉන්නවා... ගොන්නු තප්පුලමින් නරඹමින් සිටිති. කොච්චර කිව්වත් නොතේරෙන අයයි ඉන්නේ. දද, කුෂ්ට, වගේ ඒවා සුව කරන්න අපහසුයි. සිංහල වෙදකමේ ඒවා සුවකරන්නේ මුලින් ඒවා තුවාලයක් බවට පත් කරලා ඒ තුවාලෙට බෙහෙත් කිරීමෙනි. පුටින් කරදෙයි ඒ වැඩේ තිතටම...

:       5       128

මංගල Saturday, 04 June 2022 06:20 PM

මේ සිද්ධිය තමන්ගේ පවුලේ දෙයක් වගේ උසාවියේ කතා කළ සහ නියෝගය උස්සාගෙන ගුවන්තොටුපළට ගිය දේශද්‍රෝහියන්ට දඬුවම් කරන්න ඕනෑ. මොවුන්ට මොල නොවේ තියෙන්නේ ඉස්සන්ගේ ඔලු...

:       3       85

සුරංග Saturday, 04 June 2022 07:10 PM

ඒ අය නිසා තමයි මේ රටට කෙලවිලා තියෙන්නේ... කියන්නා කෙසේ කීවත්, අසන්නා සිහි බුද්ධියෙන් අසනු කියලා අතීතයේ කියමනක් තිබුණා.. දැන් එකාලාට එයින් වැඩක් නැහැ. ඔවුන් හිතන්නේ ඊයේ ගෙවී ඉවරයි. හෙට තව ලබා නැත.. අද සුමිහිරියි. ඉතින් අපේ රටේ උන්දැලා හිතන්නේ අද ගැන විතරයි.. කාලකණ්ණියන් රටම කනවා.

:       2       35

Bamunuarachchi Saturday, 04 June 2022 06:41 PM

එතැනත් කෙළවා ගත්තා....!

:       3       55

Bamunuarachchi Saturday, 04 June 2022 06:48 PM

අයර්ලන්ත රක්ෂණ සමාගමකට රක්ෂණ වාරික නොගෙවීමේ හේතුවක් මත රුසියානු එරොෆ්ලෝට් ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළේ රඳවා ගත්තේ මොන එහෙකටද? ඔවුන්ගේ ප්‍රශ්න ඔවුන් විසඳ ගත්තාවේ. මේක හරියට පාස්කු ප්‍රහාරය වගේ ප්‍රශ්නයක්.. මුස්ලිම් අයයි, ක්‍රිස්තියානි කාරයෝයි අතර සිංහල බෞද්ධයින් මැදිහත් වෙලා අපේ මිනිස්සු දඬුවම් විඳින්න ලැහැස්ති වෙනවා...!

:       6       56

Demuni Uduwara Sunday, 05 June 2022 06:29 AM

ඔබේ උදාහරණය භාවිතයට ගත නොහැකියි..!

:       0       0

asanka Saturday, 04 June 2022 06:54 PM

ඉල්ලන් ටින්කිරි කනවා කියන්නේ මේවට තමයි.

:       2       55

යැකෙන් Saturday, 04 June 2022 07:53 PM

පුටින්, විනිසෝරාටයි, සම්බන්ධ වුණු අයටයි, මුලු රටටයි, ඇරලා තමයි මේ පාර නවතින්නේ...!

:       2       27

Demuni Uduwara Sunday, 05 June 2022 06:21 AM

ජනපතිතුමා සහ අගමැතිතුමා උදාසීන වෙලා ඉන්නේ ඇයි?

:       0       0

Rohana Sunday, 05 June 2022 07:58 AM

මොනවද මේ කරන පිස්සු වැඩ? රුසියාව නිකරුනේ අමනාප කරගන්න වැඩ... මේවායින් අවාසිය ලංකාවටම කියලා තේරෙන්නේ නැද්ද...?

:       0       0

fairoos Sunday, 05 June 2022 12:20 PM

දැන් සැපනේ...?

:       0       0

Steven Sunday, 05 June 2022 05:27 PM

දැන් තමයි අකුරටම තීන්දු තීරණ ගැනීම පටන් අරන් තියෙන්නේ, තම රටේ මේ වෙනකන් උන දේවල් වලට හරියට නීතිය ක්‍රියාත්මක නොකරපු පාදර බලධාරීන් වැඩකට නැති දේවල් කරන්න ගිහින් රට තවත් විනාශ කරනවා. මෙතෙක් රටේ පරිපාලනය කරපු එවුන් එලවිය යුතුමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 141 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 637 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 889 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 2001 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1893 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 131 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1244 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1520 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site