මෙයා ගම්පහ පළාතෙ දේසපාලන පවුලක පොරක්.. පවුලෙ කිහිප දෙනෙක් එක එක පක්‍ෂවලින් දේශපාලනේ කළත් මුන්නැහේ කවදාවත් මහඡන්ද ඉල්ලලා නැහැ.. ඒත් පසුගිය කාලෙ වෙන ඡන්දෙයක් නම් ඉල්ලුවා.. ඒක දිනාගන්නත් බැරි වුණා..
ගිය රජය කාලෙ කරපු සමහර වැඩ නිසා පසුගිය කාලෙ ටික දවසක් "බෝඩිමෙත්" හිටියා. කොහොමහරි මොන ආණ්ඩුව ආවත් ඒකෙ ඉහළම අතු අල්ල ගන්න දක්‍ෂ මුන්නැහේ යහපාලනේටත් සෙට් වෙලාලු..
පසුගිය දාක එතුමා තමන්ගෙ වියදමින් මුද්‍රණ යන්තර වගයක් ගෙනාවම කස්ටිය බැලුව මොකද්ද මේ මහත්තය කරන්න යන්නෙ කියලා.. ආණ්ඩුවට අයිති ජනතාවට වාසනාව උදාකරන මණ්ඩලේක මිලියන ලොකු ගාණනක් වටිනා ප්‍රින්ටින් කොන්තරාත්තුවක් අයිති කර ගත්ත නිසාලු මැෂින් ගෙනාවෙ..
ඒ කොන්තරාත්තුව මෙතෙක්කල් කළේ වයඹ පළාතෙ ප්‍රභූ පවුලක හිටපු ඇමැති කෙනෙක්ගෙ සහෝදරියක්ලු.. මේ ආණ්ඩුවෙ ඉන්න වයඹ ඇමැතිකෙනෙකුත් ඒ නෝනට සපෝට් කළාලු.
ඉතින් ඒ සේරම කපාගෙන මේ දේසපාලන සහෝදරයා කරන්න යන වැඩේ ගැන දැන් කතාගොඩයිලු.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එයාට කොහෙත් එකයි