පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.ලතීෆ් මහතා අද (18) පත්කරනු ලැබීය.
පත්වීම් ලිපිය පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා විසින් මින් ස්වල්ප මොහොතකට පෙර ලතීෆ් මහතා වෙත බාර දුන්නේය.
ලතීෆ් මහතා සිකුරාදා (19) වැඩ බාර ගැනීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
එම්.ආර්.ලතීෆ් එස්ටීඑෆ් අණදෙන නිලධාරි තනතුරට
මුතූ Friday, 19 August 2016 02:27 AM
ඔබට අපෙන් සුබ පැතුම්! (නි)
නිමල් රාජපක්ෂ Thursday, 18 August 2016 11:54 AM
නියමයි, එක ගලෙන් කුරුල්ලන් දෙන්නයි. (ර)
සෝමපාල Thursday, 18 August 2016 02:41 PM
සුදුස්සාට සුදුසු තැන.(හේ)
තිලක් Thursday, 18 August 2016 04:12 PM
පොලිසිය තුළ කොන්ද කෙළින් තියාගෙන ඉතා නිර්භිතව අවංකව රාජකාරිය කරපු උසස් ගණයේ නිලධාරියෙක්. අපේ ප්‍රණාමය! (හේ)
නෞෂි Thursday, 18 August 2016 07:53 AM
ඔබට අපගේ සුබ පැතුම්! නීතිය හරි හැටියට ක්‍රියාත්මක කිරීමට සහ සාමය රැක ගැනීමට පසුබටවන්න එපා. (නි)
අරුණ Friday, 19 August 2016 05:12 PM
සුබ පැතුම්! (නි)
මාරසිංහ Thursday, 18 August 2016 05:51 PM
ඉතා හොඳ පත්වීමක් (නි)
කීර්ති Thursday, 18 August 2016 08:37 AM
හොද තීරණයක් සහජීවනය පෙන්නන මෙවැනි පත්වීම් කිරීම අගය කරන්න ඕනේ (ම)
ටී. සිල්වා Thursday, 18 August 2016 08:55 AM
පොලිසිය තුළ අපි දැකපු කොන්ද කෙළින් තියාගෙන අවංක රාජකාරිය කරපු නිලධාරියෙක් මෙතුමා. අපේ ප්‍රණාමය! (නි)
සමන් Thursday, 18 August 2016 09:02 AM
ප්‍රථමයෙන් සුදුස්සාට සුදුසු තැන ලැබී ඇති මොහොතක ඔබට සුබපතමි. අප ඔබෙන් බලපොරොත්තු වෙන්නේ දුප්පතාට තිබෙන නීතියම ඇති හැකි අයට, දේශපාලකයන්ට සහ ඔවුන්ගේ හෙන්චයියන්ටත් ක්‍රියාත්මක කරන්න ඔය තනතුර පාවිච්චි කරයි කියලයි. (නි)
ඇසළ Thursday, 18 August 2016 09:11 AM
උණුසුම් සුබ පැතුම් මහතාණෙනි! විශේෂ කාර්ය බලකායේ 1983 දී අාරම්භක නිලධාරියෙක් හැටියට කළ සේවය ඇති විශාලයි. මඩකලපුව අවට කඳවුරු ගණනාවක් ඇතිකිරීමට දායක වූ දැනුම් සම්බාරයක් ඇති ඉතාමත් විශිෂ්ට ගනයේ නිලධාරියෙක්. (නි)
චමින්ද Thursday, 18 August 2016 09:30 AM
මා කුඩා කල සිට දන්නා ලතීෆ් මහතාට ජයවේවා! (නි)
චන්දන - ඕස්ට්‍රේලියා Thursday, 18 August 2016 09:34 AM
සුදුසුම පුද්ගලයාට මෙම තනතුර ලැබී ඇත (නි)
ආනන්ද Thursday, 18 August 2016 09:44 AM
සුබ පැතුම් මහත්මයාණෙනි! (නි)
නාමල් Thursday, 18 August 2016 09:49 AM
ඉතා අගෙයි. සුබ පැතුම්! (නි)
සුමුදු Thursday, 18 August 2016 10:52 AM
හොරුන්ට අපරාධ කාරයින්ට නරක කාලයක්. මෙය ඉතා නිර්බීත අවංක නිලධාරියෙක්. (ර)
සතෂ් Friday, 19 August 2016 02:11 AM
නැගෙනහිර පන්සල් වලට අරියාදු වැඩියිලුනේ. නැගෙනහිර ආරක්ෂාව භාරව ඉන්නේ එස්ටීඑෆ් නේද. දැන් ඉතින් ඉතිරි වැඩ ටික අපි බලාහිඳිමු (නි)