
(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර සඳහා එහි පාලක සභාව මගින් ජනාධිපති කාර්යාලයට යවා ඇති මහාචාර්යවරුන් තිදෙනාගේම නම් ප්‍රතික්ෂේප වී ඇතැයි වාර්තා වෙයි.
ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුර සඳහා අයැඳුම් කළ මහාචාර්යවරුන්ගේ සුදුසුකම් පරීක්ෂා කළ මණ්ඩලය ඉන් නම් තුනක් තෝරා විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ජනාධිපති කාර්යාලය යවා ඇතත් එම නම් තුන ප්‍රතික්ෂේප වී ඇතැයි විවෘත විශ්ව විද්‍යාලයීය ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය ඇන්ටන් ජයරත්න මහතා පැවැසීය.
උප කුලපතිවරයකු තෝරාපත් කිරීමේ නිසි ක්‍රමවේදය අනුගමනය කර මහාචාර්යවරුන්ගේ නම් තුනක් යැවූ නමුත් එය ප්‍රතික්ෂේප කිරීම අත්තනෝමතික ක්‍රියාවකැයි ද ඊට විරෝදය දක්වන බව ද සභාපතිවරයා කියයි.
COMMENTS
ඔය තැන දැන් පොහොට්ටුවේ ගොට්ටෙකුට... මේකනේ 69ලක්ෂයේ පැතුම...!!!
ඔයා නම් හරියන්නේ නැහැ. ඉස්සර හිටියා වගේ මෙයාලගේ ලැයිස්තුවෙන් ඡන්දය ඉල්ලලා පැරදුණු කෙනෙක්ගේ නමක් යැව්වානම් උඩින්ම සහතික කරලා වන්නේ...
ඔය කියන මහාචාර්යවරු තුන්දෙනාම එක එක අයගේ ඕඩර් වලට නොනැමෙන, උගත්, බුද්ධිමත්, අදින හොඳ පිට කොන්දක් ඇති ගෞරවනීය මහත්වරු වෙන්න ඇති. ඒ අයට මගේ ගෞරවනීය ආචාරය පුද කරනවා...!!! දැන් ඉතින් වැඩ බැරි, කොන්ද පණ නැති, අසික්කිත දේශපාලුවන්ගේ ඉඳුල් බුදින, බත්බැලයින් අතරින් එකෙක් හෙට, අනිද්දා ඔතැනට පත්කර ගනීවි. විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට දෙවියන්ගේම පිහිටයි...
මෙතැන සිදුව ඇත්තේ ජනාධිපති තුමා සිය බලතලවලට අනුව කටයුතු කිරීමක් නොකර නීතියට පිටින් යාමක් ද?කවුරුන්ගේ ක්‍රියාවක් අත්තනෝමතික ද කියලා නිශ්චිතව තේරුම් ගන්න මේ ලිපියේ අඩංගු කරුණු මට නම් ප්‍රමාණවත් නෑ.
උත්තරය ඉතා පහසුයි. නම් තුන සමග පන්දමක් යවා නොමැතිකම. එම නිසා තෝරන්නන්ට කරුවල නිසා පෙනෙන්නේ නැත.
එහෙම තමයි. නැතුව කොහොමද වියත් මගෙන් දාන්නේ
එයාට ඕන එක්කෙනාගෙ නම , ඔය යවපු ලැයිස්තුවේ නැතුව ඇති .
ජනාධිපති කාර්යාලයෙන් අහන්න කාගේ නමද එවන්න ඕන කියල. ප්‍රශ්නේ ඉවරයි.
ඔව් ඉතින් දමන්න කියන්න තුන් මාසෙකින් අස්වෙලා යාවි මෙච්චරකල් හුගක් තැන්වල උනා වගේ
සුදුස්සෝ වුනාට අනික් අයට ඔනි විදියට නැතුව ඇති ඒකයි
දැන් සැපද?