IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උතුරු මුහුදේ ධීවර ගැටලු විසඳන්න සාකච්ඡාවක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha)  මහතා අද (22) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා හමු විය.

උතුරු මුහුදේ දැනට පවතින ධීවර ගැටලු විසඳීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු වූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

ඒ අනුව සහයෝගීතාව වර්ධනය කර ගනිමින් දෙරටේ ධීවරයන්ගේ ගැටලු සඳහා දීර්ඝකාලීන විසඳුමක අවශ්‍යතාව දෙපාර්ශ්වය විසින් අවධාරණය කරනු ලැබීය. 

එසේම දෙරට මුහුණ දෙන පොදු අභියෝග ජය ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක් විය.
තවද ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක  ඉන්දීය ව්‍යාපෘති පිළිබඳ සමාලෝචනයක් ද මෙම හමුවේදී  සිදු කෙරිණි.

ඉන්දියානු ණය මඟින් අරමුදල් සපයන ව්‍යාපෘති වල වත්මන් ප්‍රගතිය පිළිබඳව මෙහිදී වැඩිදුරටත් කරුණු විමසා බැලූ අතර නියමිත කාලයට එම ව්‍යාපෘති නිම කිරීම තහවුරු කිරීම සඳහා එම කටයුතු කඩිනම් කිරීමේ අවශ්‍යතාවද සාකච්ඡාවට බඳුන් කෙරිණි.



අදහස් (0)

උතුරු මුහුදේ ධීවර ගැටලු විසඳන්න සාකච්ඡාවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site