IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


‘උතුරට වෙනම රාජ්‍යයක් ඉල්ලන්න බෑ‘

උතුරු නැගෙනහිර ජනවාර්ගික අර්බුදයට ස්ථිර දේශපාලන විසඳුමක් වශයෙන් වෙනම රාජ්‍යයක් ඉල්ලීමට මෙරට නීතියට අනුව අයිතියක් නොමැති බව දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කීවේ යාපනයේ පැවැති මාධ්‍ය හමුවක දී ය.

එක්සත් ශ්‍රී ලංකාවක උතුරු නැගෙනහිර ජනතාවගේ සම අයිතිය තහවුරු කෙරෙන පරිදි වූ විසඳුමක් අවශ්‍ය බවද පොන්නම්බලම් මහතා අවධාරණය කළේය.

තමන් දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක නායකයකුව සිටි කාලයේද එම සන්ධානය ජාතික වාදය අතහැර දේශපාලන වශයෙන් විසඳුම් සෙවීමට තීරණය කිරීම මත එම සන්ධානයෙන් තමන් ඉවත් වූ බව ද ඔහු කීවේය.

13819805_817184505085817_1355931339_n



අදහස් (0)

‘උතුරට වෙනම රාජ්‍යයක් ඉල්ලන්න බෑ‘

නිම්මි Thursday, 21 July 2016 02:56 PM

මෙන්න නියම මිනිස්සු. ඔබ ලෙස සිතන මිනිසුන් වාසනාවන්! මාගේ ප්‍රණාමය. මේ අප සැමගේ රට. බෙදෙන තරමට අප ඈත් වේවි. (අ)

:       0       0

මාලනී Thursday, 21 July 2016 06:42 PM

මෙන්න නියම මනුස්සයෙක්. ඔහුට යමක් තේරෙන බවයි මගේ හැඟීම. (නි)

:       0       0

අබය Thursday, 21 July 2016 10:24 PM

සිංහල, දෙමළ හෝ මුස්ලිම් යනුවෙන් වෙනම නම් කර ඇති පක්ෂ සියල්ලම තහනම් කළයුතු කාලය එළඹ ඇති බව මගේ හැඟීමයි. අපේ රටේ ජාතිවාදයක් නැත. ජාතිවාදය උලුප්පන්නේ ඊනියා ද්‍රෝහී දේශපාලකයින්ය. ඔවුන් හට මෝඩ ජනතාවගේ ඡන්ද කඩාගැනීමේ එකම ක්‍රමය ජාතිවාදයයි (නි)

:       0       0

බමුණු ආරච්චි Thursday, 21 July 2016 11:02 PM

නිම්මි, මොනවා දැනගෙනද ඔය කතාකරන්නේ? (නි)

:       0       0

බමුණුසිංහ Thursday, 21 July 2016 11:07 PM

කවුරුවත් හිතනවද ඉල්ලූ ගමන් බන්දේසියක තියලා දීලා ආයුබෝවන් කියයි කියලා. එහෙම කරන්න සූදානම් මිනිස්සු කොටසකුත් ඉන්නවා. එ්ත් සිංහ මිනිසුන්ගෙන් එ්ක කරගන්න ජීවිත ලක්ෂ ගානක් පුදදෙන්න වේවි (නි)

:       0       0

හෆීල් Thursday, 21 July 2016 11:36 AM

මේ රටේ ජනවාර්ගික ප්‍රශ්නයක් නැත්තටම නැත. මේවා දේශපාලන්දයෝ තමන්ගේ පැවැත්ම සඳහා පාවිච්චිකළ වචනයක්. සියලු ජනකොටස්වලට පොදුවෙන් බලපාන පරිපාලන ප්‍රශ්නයක් තමයි තියන්නේ. ජනවාර්ගික ප්‍රශ්නයක් තියනවා නම්, කොහොමද දමිල ජනතාව බියන් සැකයෙන් තොරව උතුරු නැගෙනහිරෙන් පිටව ජීවත්වෙන්නේ, වෙළඳාම කරන්නේ. විශේෂයෙන්ම කොළඹ වැල්ලවත්ත ප්‍රදේශයේ වැඩියෙන්ම ජීවත්වන්නේ දමිල ජනතාව. (හේ)

:       0       0

කුමාර් Thursday, 21 July 2016 11:43 AM

කොළඹටත් වෙනම රාජ්‍යයක් ඉල්ලුවා මොකද වෙන්නේ. මොකද කොළඹ ඉන්නෙත් වැඩිපුර වෙනත් ජාතීන් නේ. (හේ)

:       0       0

සත්‍යයා Thursday, 21 July 2016 01:29 PM

ක්‍රිස්තු පුර්ව 3 වන සියවසේ ලංකාවේ උතුරුමැද සිංහලයින්ගේද සහය ඇතිව වසර 26ක් තිස්සේ පාලනය කල එළාර ටවත් හිතුනේ නැහැ ලංකාව තුල වෙනම රාජ්‍යයක් බිහිකරන්න. ජාත්‍යන්තරයෙන් කොන්ත්‍රාත් අරගෙන අද උතුරේ වෙනම රාජ්‍යයක් බිහිකරන්න බලයට කෑදර ද්‍රවිඩ දේශපාලකයින්ට ශ්‍රී ලංකාව තුල වෙනම රාජ්‍යයක් කියන්නේ එලිනොවන සිහිනයක් පමණයි. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 168 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 371 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 160 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site