(මහේෂ් කිර්තිරත්න)
උකුවෙල කොරෝනා ප්‍රාදේශිය සම්බන්ධිකරණ කමිටු රැස්විම උකුවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදි අද (27) පැවත්විණි.
මෙහිදි උකුවෙල ප්‍රාදේශීය ලේකම් එන්.කේ සේරසිංහ මහත්මිය ඇතුලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරි මණ්ඩලයේ දිනක වැටුප කොරෝනා මර්දන වැඩසටහන් සදහා පරිත්‍යාග කිරිමට කටයුතු කළහ.
මන්ත්‍රි සිසිර ජයම්පති මහතා යෝජනා කරමින් කොට්ඨාසයේ දුම්වැටි අලෙවිය තහනම් කිරිමට පියවර ගන්නා දැන්වු අතර ඒ සදහාද කමිටුවේ අනුමැතිය හිමි විය.
මෙහිදි පවතින වාතාවරණය හමුවේ උකුවෙල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සහන ලබා දිමේ කටයුතු පිළිබදව දිර්ඝ ලෙස සාකච්ඡා කළ අතර අවශ්‍ය භාණ්ඩ බෙදා දිම් පිළිබදව වෙළදැසල් හිමියන් සදහා සුදුසු යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරිමට මෙහිදි සාකච්ඡා විය.
උකුවෙල ප්‍රාදේශීය ලේකම් එන්.කේ සේරසිංහ උකුවෙල ප්‍රාදේශිය සභා සභපති චේතිය දිසානායක මන්ත්‍රි ජයන්ත එරමිණිගම්මන යන මහත්ම මහත්මින් ඇතුළු රාජ්‍ය නිලධාරින් රැසක් එක්ව සිටියහ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
උකුවෙල ප්‍රා. ලේකම් නිලධාරින්ගේ දිනක වැටුප කොරෝනා සටනට