IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාව-ලංකාව එක්ව ගමනක් යා යුතුයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දියාව 2047දීත්, ශ්‍රී ලංකාව 2048දීත් සමරනු ලබන නිදහසේ ශත සංවත්සරය දක්වා ගමනේදී දෙරට සහයෝගීතාවයෙන් සහ එක්ව ඉදිරියට යාම ඉතා වැදගත් බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා පැවසීය.

ඉන්දියාවේ 74 වන ජනරජ දිනය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති සැමරුම් උත්සවය අමතමින් ගෝපාල් බග්ලේ මහතා මේ බව සඳහන් කළේය. 

“සංහිඳියාවේ රිද්මය" නමින් මෙම වැඩසටහන සංවිධානය කර තිබූ අතර ඊසානදිග ඉන්දියාවේ නාගලන්ද් ප්‍රදේශයෙන් බිහිවී, ලෝක පිළිගැනීමට ලක් වූ UDX සංගීත කණ්ඩායම සහ ශ්‍රී ලංකාවේ Heavy metal Quintet Band Stigmata සංගීත කණ්ඩායම එක්ව සංගීත ප්‍රසංගයක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සමීප මිත්‍රත්වය හා සාමය සහ සෞභාග්‍යය සඳහා වන දෙරටේම අපේක්ෂාවන් පිළිඹිබු කිරීම උදෙසා මෙම සංගීත කණ්ඩායම් දෙක තෝරාගත් බව ඉන්දීය මහකොමසාරිස්වරයා සඳහන් කළේය. 



අදහස් (2)

ඉන්දියාව-ලංකාව එක්ව ගමනක් යා යුතුයි

Gunawardana Wednesday, 25 January 2023 03:10 PM

ලංකාව සමග ඉන්දියාව එක්වුණොත් ඉන්දියාවට අබ සරණයි...!

:       4       9

sharm warn Wednesday, 25 January 2023 04:06 PM

මෙයාලා මේ අපිත් එක්ක එකතු වෙන්න යන්නේ මොනවටද කියලා සිහියෙන් ඉන්න වෙනවා. අතීතයේ පටන් මේ ලංකාව යටත් කරගන්න උපරිම උත්සාහයක් ගත්තු අය... මේගොල්ලෝ මීයක් කඩන්නේ අත ලෙවකන්න නෙවෙයිනේ... කොහොම හරි විකුණලා කොමිස් කුට්ටියක් ගන්න සූදානම් බව ඔවුන් දන්නවා.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site