කොරෝනා වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව මේ වන විට 206 ක් බවට පත්ව තිබේ.
වෛරසය ආසාදනය වූ එරට මුළු රෝගීන් සංඛ්‍යාව 6,761 ක් වෙයි.
මේ අතරින් 516 දෙනෙක් සුවය ලබා සිටිති.
වැඩිම මරණ සංඛ්‍යාවක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 97 ක් වෙයි.
එම ප්‍රාන්තයෙන් මේ වන විට වෛරසය ආසාදිත රෝගීන් 1364 දෙනෙකු වාර්තා වී ඇති අතර සුවය ලැබූ සංඛ්‍යාව 125 ක් වෙයි.
මීළඟට වැඩිම මරණ සංඛ්‍යාව වන මරණ 17 ගුජරාට් ප්‍රාන්තයෙන් වාර්තා වන අතර මේ වන විට එම ප්‍රාන්තයෙන් රෝගීන් 241 දෙනෙකු හඳුනාගෙන තිබේ.
මරණ 16 ක් වාර්තා වන මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයෙන් හඳුනාගෙන සිටින මුළු රෝගීන් සංඛ්‍යාව 259 කි.
ආසාදිත රෝගීන් 720 දෙනෙකු වාර්තා වන දිල්ලි ප්‍රාන්තයෙන් මරණ 12 ක් වාර්තා වන අතර පුද්ගලයින් 25 දෙනෙකු සුවය ලබා ඇත.
ආසාදිත රෝගීන් 834 දෙනෙකු වාර්තා වන තමිල්නාඩු ප්‍රාන්තයෙන් මෙතෙක් වාර්තා වී ඇත්තේ මරණ 8 ක් පමණි.
කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ සිදුවූ මරණ සංඛ්‍යාව 100 සිමාව ඉක්මවනු ලැබුවේ මීට දින 4 කට පෙරය.
-226-
(ඉන්දියා ටුඩේ ඇසුරෙනි)
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඉන්දියාවේ කොරෝනා මරණ 200 පනී