IMG-LOGO

ඉදිරි වසර පහ තුළදී කටාර් හි සංචාරක හෝටල් සංඛ්‍යාව ඉහළට

hotels

 

ඉදිරි වර්ෂවලදී හෝටල් සංඛ්‍යාව සැලකිය යුතු ලෙසින් ඉහළ යාමත් සමග කටාර් හි ආගන්තුක සත්කාරක අංශයේ වර්ධනයක් අපේක්ෂා කළ හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති. ඉදිරි වසර පහක කාලය තුළ හෝටල් සංඛ්‍යාව දෙගුණයකින් ඉහළ යා හැකි බව අල් අෂ්මාක්හ් දේපල වෙළෙඳ සංවර්ධන සමාගම පසුගියදා නිකුත් කළ වාර්තාවක දැක්වේ.


කටාර් හි මේ වන විට හෝටල් 115 ක කාමර 20,688 ක් ක්‍රියාත්මක වෙයි.


“ආසන්න වශයෙන් කාමර 21,000 කින් යුතු හෝටල් 105 ක් මේ වන විට ඉදිවෙමින් තිබෙනවා. දැනට ක්‍රියාත්මක වන සහ ඉදිවන හෝටල් අතර අතර අනුපාතය බෙහෙවින් සමානයි” යනුවෙන් එම වාර්තාවේ දැක්වේ. “මෙම ඉදිවන හෝටල්වලින් බහුතරයක් 2021 වසරට පෙර සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරයි. එවිට ඉදිරි වසර පහක කාලය තුළ හෝටල් සහ ඒවායේ කාමර දෙගුණයක් වේවි” යැයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.


කටාර් හි හෝටල් කාමර සැපයුම වැඩිවීම රටේ ආගන්තුක සත්කාර ක්ෂේත්‍රයට සතුටුදායක ආරංචියක් වන අතර ඊට හේතුව ඒ හරහා සංචාරක ක්ෂේත්‍රයට ප්‍රතිලාභයක් අත්පත් වීමයි. එවිට කටාර් වෙත පැමිණෙන සංචාරකයන්ට ප්‍රමිතිය සහ විවිධත්වයට අනුව තමන්ට ගැළපෙන හෝටලයක් තෝරාගැනීමට අවස්ථාවක් ලැබෙයි. කටාර් රාජ්‍යය මේ වන විට ව්‍යාපාරික සංචාර සඳහා වැදගත් ගමනාන්තයක් බවට පත්වෙමින් තිබෙන අතර ඊට හේතුව රට තුළ පැවැත්වෙන ව්‍යාපාරික ඉසව් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ වීමයි. රට තුළ ජාත්‍යන්තර ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ සහ සම්මේලන බොහෝමයක් පැවැත් වෙන අතර ඒවාට සහභාගි වීම සඳහා ලොව නොයෙක් දෙසින් වෘත්තීයවේදීන් කටාර් වෙත පැමිණෙයි.



අදහස් (0)

ඉදිරි වසර පහ තුළදී කටාර් හි සංචාරක හෝටල් සංඛ්‍යාව ඉහළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 531 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 700 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 286 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site