IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘ඉතිහාසයේ ලොකුම සමුළුව අදයි‘ - මහින්ද අමරවීර

‘කිසියම් පක්ෂයක වැඩිම ජනතාව සහභාගිත්වයෙන් පවත්වන සංවත්සරය මෙයයි. ජාතික ආණ්ඩුවේ ඉන්න නිසා තමයි දෙසැරයක් පරාජය වුණු මේ පක්ෂය අද ඉස්සරහට යන්න පුළුවන්වෙලා තියෙන්නේ.  ජනපති නිසා ජාතීන් අතර සමගිය සංහිඳියාව ගොඩනැගිලා තියෙනවා. ඉතිහාසයේ පැවැත්වුණු වැඩිම ජනතා සහභාගිත්වය සහිත මැයි දිනය අපි ගාල්ලේ පැවැත්වුණා. අද ඒ වාර්තාව බිඳලා අපේ සංවත්සරය සමරන්න පුළුවන් වුණා‘ යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සමුළුව කුරුණෑගල මාලිගා පිටියේ දී අමතමින් පැවසීය.

‘ජනාධිපතිවරුන් තිදෙනෙක් අපේ පක්ෂයෙන් බිහි කර තිබෙනවා. පක්ෂය එකතු කරන්න පුළුවන් හැම අයුරකින්ම අපි පක්ෂය එකතු කරනවා. අපි පක්ෂයේ නායකයින් සමග සුහදත්වය වර්ධනය කරගෙන නවීන පක්ෂයක් නිර්මාණය කරමින් අපි එකට වැඩ කරමු‘ යැයි ශ්‍රීලනිප උප සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා සමුළුව අමතමින් පැවසීය.

 



අදහස් (0)

‘ඉතිහාසයේ ලොකුම සමුළුව අදයි‘ - මහින්ද අමරවීර

නිමල් ලලිත Monday, 05 September 2016 02:30 AM

බලපෙරේතකමට සිංහලයා පාවාදෙමින් මරා ගන්න. ජාතිවාදය සිංහලයාට, දසඅතින්ම පහර දෙනවා. සිංහලයාට විනකරන, කරවන හැම කෙනෙකුටම ශාප වේවා. (නි)

:       0       0

ලාල් Sunday, 04 September 2016 10:43 AM

කන්න බොන්න දෙනවා නම්, බස් එක ගෙදරටම එනවා නම් ඔන්න මමත් එන්න ලෑස්තියි. (නි)

:       0       0

ගාමිණි Sunday, 04 September 2016 10:45 AM

ඕවා කිව්වට ඡන්දය පවත්වන්න නම් අදහසක් නැහැ. (නි)

:       0       0

සම්පත් පතිරණ Monday, 05 September 2016 02:56 AM

පිටබැද්දර ජයා, මැලේසියාව ගැන නම් ඔබට සතුටු ඇති (නි)

:       0       0

සමන් Monday, 05 September 2016 03:21 AM

සැබෑ ශ්‍රී ලාංකිකයින් සැමදා පක්ෂය සමඟයි. ඔබගේ අමිල මෙහෙවර සදා අමරණියයි. 2020 දී ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවන්න ජනපති සමඟ සැවොම එක්වෙමු. (නි)

:       0       0

සිරි Monday, 05 September 2016 03:23 AM

මට නම් පෙනෙන්නේ ඉතිහාසයේ ලොකුම සමුළුව කෙසේ වෙතත් "ඉතිහාසයේ ලොකුම බොරුව" මේකයි කියලා (නි)

:       0       0

රජින්ද Sunday, 04 September 2016 11:43 AM

ගාල්ලේ මැයි දිනයට ආවේ ඉතිහාසයේ වැඩිම සෙනඟ නම්, ඔය සංවත්සරයට එන සෙනඟ ගැන හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

සෙන්සාන් Monday, 05 September 2016 03:38 AM

මේ බොරු වැඩ දැන්වත් නවත්වන්න (නි)

:       0       0

අමාලි Monday, 05 September 2016 04:11 AM

පිටබැද්දර ජයා, අවංක ශ්‍රී ලංකාකාරයෝ සිරිමාවෝ මැතිනියගේ ප්‍රජා අයිතිය නැතිකළ අයත් එක්ක එක්වේද? (නි)

:       0       0

සජිත් Monday, 05 September 2016 04:12 AM

පක්ෂය විනාශවුණොත් නම් වරද පටවන්න මහින්ද ඉන්නවා. නමුත් රට සහ සිංහලයා විනාශවුණොත්? (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 04 September 2016 01:15 PM

මේ ඉන්නේ අවංකවම ශ්‍රී ලංකා පාක්ෂිකයෝයි , මේ මිනිසුන්ට අපහාස කරන්න එපා , මහින්ද මැති තුමනි දැන් ඔබට සතුටුද ? (බ)

:       0       0

සෙනෙවි Sunday, 04 September 2016 01:40 PM

ඡන්දෙට ගිහින් බලමු මොකද වෙන්නෙ කියල (බ)

:       0       0

දුමින්ද Monday, 05 September 2016 05:00 AM

ඔළුගෙඩි ගණන් කිරීම නොව හදවත් ගණන් කිරීමයි වටින්නේ (නි)

:       0       0

නජීව‍ Monday, 05 September 2016 05:17 AM

ඔව් සජිත්, සිංහලයා තමන්ට සිදුවේගෙන යන විනාශය දෙස නොබලා පැතිවලට බෙදී කෑගහනවා. මේවායේ විපාක අපේ දරුවන්ට විඳින්න සිදුවේවි (නි)

:       0       0

දහම් Sunday, 04 September 2016 02:42 PM

පිටබැද්දර, අවංක ශ්‍රී ලංකා කාරයෝ නම් යූ එන් පී ආණ්ඩුවක් පිහිටුවල එ්ක යටතේ පෙන්දෝ වගේ ඉන්න එවුන්ද. අදෝමැයි.(බ)

:       0       0

කැටවල Sunday, 04 September 2016 02:59 PM

ඔයිට වඩා ලොකු සමුළු මැතිනිය 77 පැවැත්වුවා අාසන 7 බැස්සුවා ..බස් ගෙනල්ල සෙනග අැදල මහජනතාවගේ කැමැත්ත ගන්න බැහැ (බ)

:       0       0

කදිර් Sunday, 04 September 2016 04:03 PM

අනේ ඔහොම කියලවත් හිතේ තිබෙන නිවටකම වහගන්න උත්සාහ කිරීම හැරෙන්න වෙන මොනවද ඉතින්. (බ)

:       0       0

වසන්ජය Monday, 05 September 2016 06:53 AM

ඉතිහාසයේ ලොකුම විහිළුව (බ)

:       0       0

ශෙහාර් Sunday, 04 September 2016 04:33 PM

මට නම් මේක තමයි ඉතිහාසයේ ලොකුම විහිළුව (නි)

:       0       0

ජනහිත Sunday, 04 September 2016 06:38 PM

අනේ ඔයගොල්ලෝ කතානොකර ඉන්නවා නම් වඩා හොඳයි. ආයේ කවදාද ඔය වගේ විනෝද ගමනක් දුර බැහැර ජනතාවට එන්න පුළුවන් වෙන්නේ. ඔය ඇවිල්ල ඉන්නේ ඡන්දෙ දෙන්න වගේනේ කතාව. තියලා බලන්න ඡන්දයක්. (නි)

:       0       0

වීරසේන Sunday, 04 September 2016 11:18 PM

ඇත්තටම පක්ෂය ගැන හැඟීමෙන් ආවේ කීයෙන් කීදෙනාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 741 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site