IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


ඇමෙරිකාවේ ‘වඳුරු උණ’ හදිසි තත්ත්වයක්

වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශ කිරීමට ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබේ. ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් මෙසේ තීරණය කළේ, රටේ ‘වඳුරු උණ’ ව්‍යාප්තිය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින බැවිනි.

“වඳුරු උණ මාරක රෝගයක් නොවෙයි. ඒත් එය සුළුවෙන් තකන්න එපා. අප ඇමෙරිකන් වැසියන්ගෙන් ඉල්ලීමක් කරනවා, වයිරසය පරද්දන්න එකමුතු වෙන්න. එසේ එකමුතු වුණොත් වයිරස ව්‍යාප්තිය අපට පාලකය කරගන්න පුළුවනි.” යැයි ඇමෙරිකාවේ සෞඛ්‍ය සහ මානව සේවා කටයුතු පිළිබඳ ලේකම් (අමාත්‍ය) සේවියර් බෙකෙරා මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

ඇමෙරිකන් වෛද්‍ය පර්යේෂකයන්ට අනුව, වඳුරු ව්‍යාප්තිය සිදුවන්නේ පිරිමින් අතරේ සමලිංගික ඇසුරිනි. ‘වඳුරු උණ’ සම්බන්ධයෙන් ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන්, හදිසි තත්ත්වයක් ප්‍රකාශ කළේ එරට ආසාදිතයන් ගණන 6,600 පසු කර ඇති බැවිනි. තවමත් ඇමෙරිකාවෙන් ‘වඳුරු උණ’ මරණ කිසිවක් වාර්තා වී නැත.

ධවල මන්දිරය මැදිහත් වීමෙන්, ඇමෙරිකානුවන්ට ‘වඳුරු උණ’ සඳහා ‘ජිනියොස්’ නමැති එන්නත ලබා දීම සිදු කරයි. ‘වඳුරු උණ’ හෙවත් ‘වඳුරු පැපොල’ (මන්කි පොක්ස්) යනු පැපොල සහ වසූරිය පවුලට අයත් ඒ අතරමැද වයිරසයකි. ‘ජිනියොස්’ එන්නත නිපදවා ඇත්තේ පැපොල වයිරසය ආසාදනය වීම වැළැක්වීමටය. එය මේ වනවිට වැඩි දියුණු කර ඇමෙරිකානුවන්ට ලබා දීම සිදුවෙයි.

මේ වනවිට ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය වශයෙන් ද වඳුරු උණ සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, රටවල් 75 කට වඩා වයිරසය ව්‍යාප්ත වීම සහ ආසාදිතයන් 18,000 ක් පමණ හමුවීමත් සමඟය.

(රොයිටර්)



අදහස් (0)

ඇමෙරිකාවේ ‘වඳුරු උණ’ හදිසි තත්ත්වයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කොළඹ වරායේ වර්ජනයෙන් රුපියල් කෝටි 30 ක පාඩුවක්
2025 මැයි මස 10 522 0

කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි


වෙසක් සමරු මුද්දරය නිකුත් වෙයි
2025 මැයි මස 10 101 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.



ජනපති මහා නා හිමිවරුන් බැහැ දකී
2025 මැයි මස 10 346 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.


වැලිමඩ බස් අනතුරින් අයෙක් මරුට :30කට ආසන්න පිරිසකට තුවාල
2025 මැයි මස 10 784 0

බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි


කොටහේනේ දැරියගේ සිද්ධියට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
2025 මැයි මස 10 455 1

කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 719 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1398 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 357 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site