(සුජිත් හේවාජුලිගේ)
ඇමතිවරුන්ගේ බංගලා කුලියට ලබාගැනීමට පෞද්ගලික ආයතනත් දහයකට වැඩි සංඛ්‍යාවක් ඉල්ලීම් ඉදිරිපත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කළේය.
රාජ්‍ය ආයතන රැසක්ද විනිසුරුවරුන් කිහිප දෙනෙකුද මෙම නිවාස ඉල්ලා මීට පෙර ඉල්ලීම් ඉදිරිපත් කර තිබිණ.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමැති බංගලා සහ ජනපති බංගලා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුව ඒවායේ වටිනාකම් පිළිබඳව මේ දිනවල තක්සේරුවක් කරගෙන යන බවයි.
එම තක්සේරුවෙන් අනතුරුව එම බංගලා සම්බන්ධයෙන් ගනු ලබන තීරණය ප්‍රකාශයට පත් කෙරෙන බවද ඔහු සඳහන් කළේය.ඇමැති බංගලා කුලියට ගැනීමට විවිධ පාර්ශ්ව ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව පැවසු අමාත්‍යවරයා එම ඉල්ලීම් කිසිවක් මෙතෙක් සලකා බලා නැතැයිද සඳහන් කළේය.
රට පුරා ජනපතිවරයා වෙනුවෙන් වෙන් කෙරුණු බංගලා 9 ක් පවතී. කොළඹ මහනුවර නුවරඑළිය අනුරාධපුර කතරගම යාපනය ඇඹිලිපිටිය බෙන්තොට සහ මහියංගනය යන ප්‍රදේශවල මෙම ජනපති බංගලා පිහිටා ඇත.සමහර ඇමති බංගලා පාවිච්චියට ගත නොහැකි අන්දමට ජරාවාස වී ඇතැයි අමාත්‍යාංශය පවසයි.මේවා පිළිසකර කිරීමට මූල්‍යමය ගැටලුවක් පවතින බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඇමැති බංගලා කුලියට ගන්න පෞද්ගලික ආයතනත් පෝලිමේ
ගමේ එකාලා Tuesday, 14 January 2025 10:08 PM
ජනතාවගේ රීරී මාන්ස හූරගෙන කකා බලලෝබි බඩගොස්තරවාදි කාලකන්නි දුශිත දේසපාලුවෝ කෙරුවේ බන්ගලාවලට වෙලා ව්වෙක සුවයෙන් හිටපු එක වෙන්ඩැ?
Pradeep Kumara Wednesday, 15 January 2025 07:51 AM
රට පුරා ඇති ජනාධිපති මන්දිර විදෙස් සංචාරකයින් ඉලක්ක කර ඔවුන්ගේ ලැගුම්හල් බවට පත් කරනවා කිව්වා නේද? මේ සංචාරක කර්මාන්තයේ හොඳම කාලයයි. ඉතිං මන්ද පමා.
Kamal Koyrala Wednesday, 15 January 2025 03:08 PM
"පළමුව මේවා ජරාවාස වන්න හැරිය වග කිව යුත්තන්ට දඩුවම් කල යුතු අතර මේවායේ තිබූ බදු බාහිරාදිය කොහේද කියා සොයා බැලිය යුතුය . ඒවගේම නව මාලිගා නොවන ඉතිහාසික වටිනාකම් ඇති බංගාලා රාජය යටතේ පැවතීම හොදයි."