IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


ඇමැතිවරයකුගේ බලපෑමෙන් හිස් පතුරම් බෝම්බකරුට

(බිඟුන් මේනක ගමගේ)

කොළඹ ෂැංග්‍රිිලා හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරු යුද හමුදාවෙන් ඉවතලන හිස් පතුරම් කොපු කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා ලබාගෙන ඇති බව ලංකාදීප පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරුවලින් හෙළිවී ඇත.

මෙම බෝම්බකරු කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් හිස් පතුරම් කොපු ලබාගෙන ඇත්තේ කුඩා ව්‍යවසායකයන්ට අබලි ද්‍රව්‍ය ලබාගැනීමට ඇති පහසුකම යටතේ බවද හෙළිවී ඇත.

මේ සඳහා ව්‍යවසායකයකු හැටියට කාර්මික සංවර්ධන මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු අතර කොලෝසස් ප්‍රයිවට් ලිමිටඩ්, අංක 111/6, අවිස්සාවේල්ල පාර, වැල්ලම්පිටිය යන ලිපිනයෙන් 1611216 ලියාපදිංචි අංකය යටතේ එම්.අයි. ඉන්සාෆ් අහමඩ් නමින් ඔහු මෙම මිලදී ගැනීම් කර ඇත.

වසර ගණනක් තිස්සේ රුපියල් කෝටි ගණනක් වටිනා හිස් පතුරම් ඔහු මෙසේ මිලදීගෙන ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි තමාට අයත් තඹ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන කටයුතු සඳහා බව කියමිනි.

පාස්කු ඉරිදා ප්‍රහාරයට යොදාගත් බෝම්බ මෙම තඹ කම්හලේදී නිෂ්පාදනය කළ බවට ආරක්ෂක අංශ සැකකරයි.

ඉම්ෆාස් අහමඩ්ලේ පවුලේ සොයුරු සොයුරියන් නවදෙනෙකු සිටින අතර පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරනු ලැබු ඉල්හාම් අහමඞ් ඉන්සාෆ් එක් සහෝදරයෙකි.

දෙමටගොඩ, මහවිල උද්‍යානයේ නිවෙසක් පරීක්ෂා කිරීමේදී පුපුරාගිය බෝම්බයෙන් ඉම්ෆාස් අහමඩ්ගේ බිරිඳ හා දරුවන් දෙදෙනා මියගියහ.

මෙම සිද්ධියෙන් පසුව පොලිසිය සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව මෙම තඹ කර්මාන්ත ශාලාව පරීක්ෂාවට ලක්කර එහි කළමනාකරු ඇතුළු පුද්ගලයෝ නව දෙනෙක් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.

ඉන්සාෆ් අහමඞ් මෙසේ දිගු කලක් කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් හිස් පතුරම් කොපු තොග ගණනින් ලබාගෙන ඇති අතර එම ප්‍රදානයන් සිදුව ඇත්තේ කුඩා ව්‍යාවසායකයන්ට අබලි ද්‍රව්‍ය ලබාදීමට නියමිත ක්‍රමවේදයෙන් බැහැරව බවට විශ්වාසී ආරංචි මාර්ග සඳහන් කරයි.

කුඩා ව්‍යවසායකයන් නගාසිටුවීම සඳහා මෙම පහසුකම කාර්මික සංවර්ධන මණ්ඩලය මගින් ලබාදී ඇති නමුත් සීමාව ඉක්මවා මිලදීගැනීමට කර්මාන්තකරුවන් කීපදෙනකුට අවස්ථාව සැලැසී ඇතැයි එහි ප්‍රකාශකයෙක් කීය.

ඉන්සාෆ් අහමඩ් නමැත්තා අවස්ථා ගණනාවකදී කාර්මික සංවර්ධන මණ්ඩලයට පැමිණ මිලදී ගැනීම් ක්‍රියාවලියට සම්බන්ධවී ඇති බව ඔහු කීය.

ඉන්සාෆ් අහමඞ්ට කාර්මික සංවර්ධන මණ්ඩලයෙන් මෙම පතුරම් මිලදීගැනීමට ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ අනුග්‍රහය ද ලැබී ඇති බවද පැවසේ.

කාර්මික සංවර්ධන මණ්ඩලය, වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ආයතනයකි.



අදහස් (17)

ඇමැතිවරයකුගේ බලපෑමෙන් හිස් පතුරම් බෝම්බකරුට

Nuwan Friday, 26 April 2019 06:18 AM

දැක්කා නේද අපේ වල අපිම කපාගෙන තියෙන්නේ. මොනවද මේ කියන්නේ අර අහිංසකයෝ මිය ගියේ අපේම පතුරම් කොපු වලින් හදපු බෝම්බ වලින්ද දෙවියනේ.. කවුද ඔය ප්‍රබල ඇමති කියලා වහාම හෙළිකරන්න.. ලංකාදීපය ඔබට ස්තුති මේවා එලි කලාට

:       0       0

KANDEPOLA Friday, 26 April 2019 06:29 AM

යහපාලනයේ ජයග්‍රහණය සාමකාමීව සමරන්න.

:       0       0

du Friday, 26 April 2019 06:31 AM

මනුශ්‍යත්වයේ නාමයෙන්, මේවට කවර අකාරයකින් හෝ සම්බන්ධ සෑම දේශපාලුවකුවම නීතිය හමුවට ගෙනත්, දඩුවම් ලබා දෙන්න. අවුරුදු 32 ක් අපි විඳපු දුක් ඇති......... මහජනතාව ලෙස අපේ සෑම සහයෝගයක්ම ලැබෙනු ඇත.

:       0       0

sinhalaya Friday, 26 April 2019 06:33 AM

නුඹලා රටම විනාශ කළා. අහිංසක ලංකික ජනතාව, නුඹලාට විරුද්ධව අපි පාරට බහිනවා.

:       0       0

pathum Friday, 26 April 2019 06:42 AM

මේ ඇමතියා හුරතල් කරන්නේ කවුද ? මේ තරම් පිළිකුල් රජයක් මේ රටේ අයෙ ඇතිකරන්න අපි කටයුතු කරනවානම් අපි තරම් මෝඩ ජාතියක් මේ ලෝකේ නැතුව ඇති . දැනට ඉන්න 225 , පළාත් සබා, ප්‍රාදේශීය සබා සියලුම නියෝජිතන් මේ රටෙන් තුරන් කල යුතුය මුන් මේ සුන්දර රට විනාශ කර අවසන්. අපගේ දරුවන් ගෙනාවත් හිතා ඡන්දය පාවිච්චි කරන්න. අපි මේ හිරිකිත දේශපාලන සංස්කෘතිය වෙනනස් කල යුතුමය . එය කලයුත්තේ කල හැක්කේ අපේ පරම්පරාවට පමණි වෙන පරම්පරාවකට ඉතුරු කරොත් ඔවුන්ට මේ රට මේ හැත්ත රට ඉතුරු කරන්නේ නැහැ.... එය දැක අපි ඇස පියාගන ඉන්නවද කියා ඔබ තීරණය කරන්න.

:       0       0

gbase Friday, 26 April 2019 08:05 AM

කවුද වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යාංශය පාලනය කරන ප්‍රබලයා?

:       0       0

sarath perth Friday, 26 April 2019 08:25 AM

ඇමතිට ජය... මහජනයාට පරාජය... මේවා ප්‍රසිද්ධියේ කතා කරන්න තහනම්. හමුදාවේ වීර සෙබළුන්ට දන්ගෙඩියට යන්නවෙයිද මන්දා...

:       0       203

Hafeel Friday, 26 April 2019 08:27 AM

දේශපාලකයන් විසින් පහළ සිට ඉහළ දක්වා අපරාධකරුවන් ආරක්ෂා කලේ ප්‍රතිඵල නිසා තමයි අද අපිට මෙහෙම දුක් විඳින්න වෙන්නේ... ආරක්ෂක අංශයට රජයේ නිලධාරීන්ට තියන බලතලවලට සහ රාජකාරිවලට දේශපාලකයන් බලපෑම් කරනවා. නීති හදන මේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතර මන්ත්‍රීලාට නොයකුත් චෝදනාවල් තියනවා. ඉතින් කොහොමද රට හදන්න පුළුවන්.

:       0       395

SL Friday, 26 April 2019 08:51 AM

රටේ වෙන හැම විනාශයකම පසුපස ඇත්තේ මේ දේශපාලකයන් බවනම් ජනතාවට පැහැදිලියි.

:       0       0

desf Friday, 26 April 2019 09:02 AM

ඇයි නම කියන්න බය...?

:       2       1431

BamunuarachchiFriday, 26 April 2019 05:31 PM

අපි කාටද භය අපිට කව්ද භය .................

:       0       0

මේඝවර්ණ අභය Friday, 26 April 2019 12:58 PM

අද මට බස් එකේදි මුස්ලිම් වැඩිහිටි අම්මා කෙනෙක් එක්ක තාකරකර එන්න පුළුවන් වුණා. ඒ මනුස්සයා මේ රටට වෙලා තියෙන තත්වය ගැන බොහෝ දේවල් කිව්වා. කථාබහ අතරේ කිහිප වතාවක්ම ඇඬුවා. මේ අන්තවාදී ක්‍රියා නිසා සිංහල දමිළ වගේම "මේ රටට ආදරේ කරන මුස්ලිම් ජනතාවත්" බොහෝ කම්පා වෙලා ඉන්නේ. රටට ආදරේ කරන අපේම සහෝදර මුස්ලිම් ජනතාවනි, මේ අන්තවාදී ත්‍රස්ත පිළිලය මේ රටින් තුරන් කරන්නට අප සැවොම අත්වැල් බැඳගනිමු... මාතෘභූමියට ජයවේවා..!!!

:       1550       166

BamunuarachchiFriday, 26 April 2019 05:29 PM

මෝඩ වෙන්න එපා රවටෙන්න් එපා ලෝකය දිහා බලලා කතා කොරන්න. හැඟීම් බරවෙන්න එපා?

:       0       0

ramendra Saturday, 27 April 2019 03:56 AM

ටෙලිකොම් ආයතනයේද තඹ මෙම ආයතනයට විකුණා ඇතිබව වාර්තාවක් මා දුටුවා... නමුත් දැන් එම මාධ්‍ය ජාලයට පිවිසෙන්න. ටෙලිකොම් ජාලය මගින් අවහිරකිරීම සම්බන්ධව සැකයක් ඇත. මෙම සිදුවීම ගැන සොයා බලන්න.

:       0       15

Anuradha Saturday, 27 April 2019 07:36 AM

ඇමතිගේ නම කියන්න බැරි ඇයි...?

:       0       1

rohitha senanayake Sunday, 28 April 2019 02:53 PM

ඇමති බදුර්දීන් වත්ද?

:       0       2

නෙවිල් Tuesday, 30 April 2019 02:40 AM

වෙන කවුද, රෝහිත ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31632 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14055 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site