IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


ඇමැතිගෙ පාඩම

2016-07-06-ent-44ගාල්ලෙ දෙවටෙදි අපේ සංස්කෘතිය භාර දෙවැනිය ඒ කියන්නෙ පාලිතතුමා කඩකාරයෙක් එක්ක වලියකට පැටලුණු එක ප්‍රසිද්ධ රහසක්..

උදේට කන්න කඩේට ගිය ගමන් හටගත්ත ආරවුල කෙළවර වෙන්නෙ කඩේ සෞඛ්‍ය සම්පන්න බව ගැන උප ඇමැතිතුමා පොලීසියෙ කස්ටියත් එක්ක ඇවිත් කරන පරීස්සනේකින්... හැබැයි මේ පරීස්සනේ යන අතරෙත් "වලි මූඩ්" එකෙන්ම වැඩේ ගිය නිසා පළා‍ෙත් ජනතාවත් සෑහෙන්න කලබල වුණා. 

කතන්දරේ බේරගන්න බැරිම තැන පළාතෙ ඉන්න ටිකක් බලවත් ඇමැතිසයිස් පොරකට ගමේ අය කතා කරල "මෙන්න මෙතන අහවලා වලියකට පැටලිලා ඉවරයක් නැහැ. මේක දැන්ම නොනැ‍වොත්තුවොත් ගමේ මිනිස්සු එයාට නෙලයි." කියල අනතුරැ ඇඟවීමක් කළා. මේක අහපු ඇමැතිතුමාට අසූහාරදාහට කේන්ති ගියාලු. තමන්ගෙ වැයික්කියෙ කඩවල් පරීක්ෂා කරන්නට උප ඇමැතිට තියන රැදාව මොකක්ද අහල ටෙලිෆෝන් එක අරන් උප ඇමැති සයිස් මහත්තයට සැර වචන වලින් ලොකු බරබරයක් දැම්මලු...

එච්චර වෙලා ලොකුවට සද්දෙ දදා හිටපු උප ඇමැති තැන ඒ කෝල් එකෙන් පස්සෙ "හරි හරි... හරි සර්, කතාව ඉවරයි.. සර් එන්න ඕන නැහැ. ඔන්න අපි යනව" කියල ටක්ගාලා වාහනේට නැඟල මාරැ වුණාලු. 

 

DESHAYA



අදහස් (0)

ඇමැතිගෙ පාඩම

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 182 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 390 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 166 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site