IMG-LOGO

ඇඳිරියේදී වස්ගමුව වනෝද්‍යානයේ කුමාරඇල්ලේ පතල් කැපු 17 ක් අත්අඩංගුවට

ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී  වස්ගමුව ජාතික වනෝද්‍යනයේ කුමාර ඇල්ල ප්‍රදේයේ පතල්  හාරමින් සිටි 17 දෙනකු  වනජීවී නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
 
 කිරිඔය වන සත්ව අඩවිඅරක්ෂක කාර්යාල නිලධාරීන්  මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර  මැණික් ගැරීම සඳහා උපයෝගි කරගන්නා  උපකරණ රැසක්ද අත්අඩංගුවට ගෙන ඇත.
 
 තවත් සැකකරුවන් දෙදෙනකු පළාගොස්ඇතැයිද ඔවුන් සොයා විමර්ශන අරඹා ඇතැයිද වනජීවී නිලධාරීන් පැවසීය.
 
 ප්‍රදේශයෙන් ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
 
මෙම මෙහෙයුම සඳහා  කිරිඔය වන සත්ත්ව අඩවි ආරක්ෂක  චින්තක බණ්ඩාර, වන සත්ව අඩවි  සහකාර  කේ.සී සී ගයාන්,  නියාමකවරුන් වන  ඒ ටී සඳරුවන්,ඒ කේ එල් විජේකුමාර, ක්ෂේත්‍ර සහකාර ආර් එම් සෝමසිරි  සහ  සිව්ල් ආරක්ෂක නිලධාරී  කේ ප්‍රේමතිලක යන මහත්වරු මෙම වැටලීම සිදු කර තිබේ.
 
 අත්අඩංගුවට ගත් 17 දෙනා   වනජීවී නිලධාරීන් විසිනු ඇප මත මුදාහැර ඇති අතර  මෙ මස 27 වැනිදා ඔවුන්බකමූණ  මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 



අදහස් (0)

ඇඳිරියේදී වස්ගමුව වනෝද්‍යානයේ කුමාරඇල්ලේ පතල් කැපු 17 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 368 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 530 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 222 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site