(නිමන්ති රණසිංහ)
ඇදිරි නිතිය හේතුවෙන් බස්නාහිර පළාත තුළ සිරවී සිටින ශ‍්‍රමිකයින් ඔවුන්ගේ ගම්බිම් බලා පිටත් කර හැරීම සදහා වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කිරිම කෙරෙහි අවධානය යොමුව ඇතැයි බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා අද (05) පැවසීය.
බස්නාහිර ආණ්ඩුකාර හිටපු ගුවන් හමුදාපති මාෂල් ඔෆ් ද එයාර් ෆෝසර්ස් රොෂාන් ගුණතිලක මහතාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් යෙදීම සදහා සාකච්ඡා සිදුකරමින් ඇතැයි ද ජ්‍යෙෂ්ඨ නියේජ්‍ය පොලිස්පතිවරයා කළ විමසීමකදී වැඩිදුරටත් සදහන් කළේය.
කොරෝනා වයිරසය පැතිරීමේ අවදානම ඇතිවී මේ වන විට සති දෙකක් ඉක්ම ගොස් තිබීම හේතුවෙන් බස්නාහිර පළාත තුළ යම් යම් ආයතනවල සහ නවාතැන්පලවල සිරවී සිටින ශ‍්‍රමිකයින් ඔවුන්ගේ ගම් බිම් බලා පිටත් කර හැරීමට අවශ්‍ය පියවරයන් සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡුා සිදුකරමින් පවතින බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.
විශේෂයෙන්ම, සෞඛ්‍ය බලධාරීන්ගේ වෛද්‍ය නිර්දේශයන්ගෙන් අනතුරුව මෙම ශ‍්‍රමිකයින් සම්බන්ධයෙන් කටයුතු කිරීමට අදහස් කර ගෙන ඇතැයි ද බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා සදහන් කළේය
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ඇදිරියෙන් සිරවී සිටින්නන් ගම්බිම් වලට ගෙන යාමේ වැඩපිළිවෙළක්
Dasun Sunday, 05 April 2020 09:44 AM
ගමටත් කොරොනා බෙදන්න ද හදන්නේ
Nihal Sunday, 05 April 2020 10:00 AM
සෑම දිස්ත්‍රික්කයම ගෙවල් වලට යාගන්න බැරිව අනාථ තත්වයට පත් වුනු දහස් ගාණක පිරිසක් ඉන්නවා ,ගෙවල්වලට යන්න දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට යන්න පැය 4 ක් වත් ඇදිරි නීතිය ඉවත් කලොත් ලොකු සහනයක් ,මේ වෙනකොට ඔවුන්ට මුදල් නොමැති නිසා හරි හමන් කෑමක් බීමක් පවා නොමැතිවයි සිටින්නේ
K..M. S. D. Ranasinghe Monday, 06 April 2020 03:01 AM
මගේ ගෙවල් මහියංගනේ මම වැඩ කරන්නේ රත්මලානේ බෝඩිම තියෙන්නේ පිටකෝට්ටේ මට ගෙදර යන්න විදියක් නැහැ.
Pradeep Monday, 06 April 2020 05:01 AM
කොළඹ විතරද හිරවෙලා ඉන්නේ?