IMG-LOGO

ඇත්තටම මම පොඩි කාලෙ ඉඳලා කැමති රඟපාන්න

2016-08-08-ent-73

රංගනය තම ජීවිතය කරගෙන යන ගමනේ නිරූපණයටත් ආශාවක් දක්වමින් නිරූපණයටත් දක්ෂතාවක් දක්වන චතු රාජපක්ෂ සාරවිට ආලින්දයට ගොඩවැදුණු මෙලෙසිනි.

 

කොහොමද මේ දවස් වල වැඩකටයුතු?

2016-08-08-ent-66මේ දවස් ටිකේ නම් විවේකයෙන් ඉන්නවා. ගිය මාස දෙකක විතර කාලයක් ෆිල්ම් එකක වැඩ කටයුතුවලට නිරත වූ නිසා මේ දවස්වල විවේකයෙන් ගෙදරට වෙලා ඉන්නවා.

 

වැඩිපුරම කැමති රංගනයටද? නිරූපණයටද?

ඇත්තටම මම පොඩි කාලෙ ඉඳලා කැමති රඟපාන්න. මම රංගනයට තමයි ලොකු කැමැත්තක් දක්වන්නේ. රංගන වැඩ කටයුතු කරගෙන යන අතරතුර මට නිරූපණ වැඩකටයුතුවලටත් ආරාධනා ලැබුණා. මම ඒ සඳහාත් ඉදිරිපත් වීම තුළින් තමයි නිරූපණයටත් ලොකු ආසාවක් ඇති වුණේ. ඉතිං දැන් රංගනය වගේම නිරූපණයටත් ලොකු ආදරයකින් මගේ මේ ගමන යනවා.

 

වෘත්තීයක් විදියට මේ ක්ෂේත්රයේ ඉදිරියට යන්නද බලාපොරොත්තුව?

ඔව්. මම මේ ක්ෂේත්රයට ආසයි. ඒ වගේම රඟපාන්න ආසයි. ඒ නිසා ලැබෙන ආරාධනා සතුටින් භාරගෙන වෘත්තීයක් විදියට මේ ක්ෂේත්රයේ ඉදිරියට යනවා.

 

ඉදිරි වැඩ කටයුතු කොහොමද?

ගිය දවස් වල "පාටක් නැති ආදරේ" ෆිල්ම් එකේ වැඩ කටයුතු කළා. ඉදිරියටත් ෆිල්ම් දෙක තුනකම සහ මියුසික් වීඩියෝ දෙක තුනකම ආරාධනා ලැබිලා තියෙනවා. ඉදිරියට මේ වැඩ කටයුතු සහ ලැබෙන ආරාධනා එක්ක වැඩ කටයුතු කරනවා.

 

ඔයාගේ මේ ගමනට උදව් කළ අය කවුද?

මම මුලින්ම මතක් කරන්න ඕනේ රංගනය සඳහා මට මුලින්ම මේ මාර්ගය හදලා දුන්නේ ෂඔභ නාළිකාවේ අනුර ජයසේකර අයියා. එයා තමයි මගේ මුල්ම ෆිල්ම් එක වෙන "පාටක් නැති ආදරේ" ෆිල්ම් එක සඳහා මට මාර්ගය හදලා දුන්නේ. ඒ වගේම වී. ශිවදාසන් සර්, අනුර වරාගොඩ සර්, රාජ් රණසිංහ සර්, පරාක්රම ජයසිංහ සර්වත් මතක් කරන්න ඕනේ. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මගේ යලූ‍වෝ. ඩිලානි, ශාදි, නිශාදි, කාංචනා, මධු, උදාර රාජපක්ෂ, රුක්ෂානා දිසානායක, ආශී දෙව්මිණි. ඒ වගේම මට මේ අවස්ථාව ලබලා දුන්න ඉෂාරා නිලූ‍ක්ෂි අක්කවත් ආදරයෙන් මතක් කරනවා.

 

සටහන සහ ඡුායාරූප - ඉෂාන් සංජීව

 

2016-08-08-ent-72
2016-08-08-ent-71
2016-08-08-ent-70
2016-08-08-ent-69
2016-08-08-ent-68
2016-08-08-ent-67
2016-08-08-ent-65



අදහස් (0)

ඇත්තටම මම පොඩි කාලෙ ඉඳලා කැමති රඟපාන්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site