(නිශාන්ත කුමාර)
මඩොල්සිම පොලිස් වසමට අයත් ඇකිරිය ගම්මානයේ ස්ථාන කීපයක අද (22) අලුයම 3.30 ත් 4.00 ත් අතර භූ කම්පන තුනක් සිදුවූ බව ඇකිරිය ගම්වාසීහු පිරිසක් පැවැසූහ.
අද අලුයම 3.30, 3.38 ට හා අලුයම 3.56 ට මෙම භූ කම්පන සිදුවූ බවත් මහ හඬක් නංවමින් හා පොළව දෙදරුම්කමින් තත්පර තුන හතරක පමණ කෙටි කලක් මෙම භූ කම්පන පැවති බවත් ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියැදුරෙකු වන ප්‍රියන්ත දිසානායක මහතා පැවැසීය.
භූ කම්පනයත් සමගම ඇතැම් නිවාසවල වහල සෙලවී ගිය බවත් ඇතැම් ප්‍රදේශවලට විශාල හඩක් දැනුනු බවත් ඇකිරිය ප්‍රදේශයේ හේන් යායවල ගොවීහු පිරිසක්ද කියා සිටියහ.
කෙසේ වෙතත් මෙම භු කම්පනවලින් කිසිදු ජීවිත හෝ දේපල හාණියක් සිදුව නොමැත.
2025 දෙසැම්බර් මස 30
23
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
704
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
334
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ඇකිරියේ භූ කම්පන 3ක්
chandima Friday, 22 January 2021 06:53 AM
ගිනිකන්දක්වත් සක්‍රීය වෙනවද?
Nuwan Friday, 22 January 2021 07:54 AM
අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති වල විපාක විඳින්න වෙන කාලය වැඩි ඈතක නැහැ වගේ...!!!
Nihal Friday, 22 January 2021 08:44 AM
අහිංසක මිනිස්සුන්ට හානියක් වෙන්න නම් එපා. වෙන භූමිකම්පාවක් දියවන්නාව පැත්තේ වෙන්න.
sharm warn Friday, 22 January 2021 10:48 AM
පොළව පැලෙන බේගල් ඇදබාන පාලකයෝ ඉන්න රටක මෙහෙම නොවී කොහොමද? අසරණ, දුප්පත් මිනිස්සුන්ට හානියක් නොවීම ගැන මගේ බලවත් සතුට...
Indhika Friday, 22 January 2021 11:39 AM
මම ඉන්නේ ජපානේ... මෙහෙ නිතරම භූමි කම්පා.. නමුත් මහ හඬවල් එන්නේ නැහැ. ගෙදර තියෙන බඩු මුට්ටු හෙළවෙන සද්දෙයි, බිත්ති සහ වහලෙ හෙල්ලෙන සද්දේ ටිකක් විතරයි එන්නේ සාමාන්‍යයෙන්... අර උඩින් චන්දිම කියලා තියෙන වගේ දෙයක්වත්ද?