IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආසාදිත සිසුවියක් පාසල් ඇවිත් 28 ක් නිරෝධායනයට

(ප්‍රියාණි මංගලිකා )

නිකවැරටිය නගරාසන්නයේ පාසලක  දහය ශ්‍රේණියේ ඉගෙනුම ලබන කොරෝනා ආසාදිත දැරියක් පාසලට පැමිණීමෙන් එම පංතියේ  ළමුන් 12 දෙනෙකු  සහ පංතිභාර  ගුරුවරිය  නිරෝධායනයට ලක් කළ බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

ඒ අනුව පවුල් 13 ක පුද්ගලයන් 28 දෙනෙකු නිරෝධායනයට ලක්කර , ආසාදිත දැරිය සිටි එම පන්තිය ද වසා දැමීමට පියවර ගත් බවද සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කළේය.

කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි  මෙම ආසාදිත දැරිය වෙනත් අසනීප තත්වයකට ප්‍රතිකාර ගැනීම  සඳහා රෝහලකට ගිය අවස්ථාවේ එහිදී සිදු කරන ලද පී.සී.ආර් . පරීක්ෂණයකදී දැරියට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්තා වලින් තහවුරු වී ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කලේය.

මේ වන විට නිකවැරටිය  ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර ,සමීප ආශ්‍රිතයන් ලෙස පවුල්  රැසක්ද නිරෝධායනයට ලක් කිරීමට සිදුව ඇති බැවින්  සියලු දෙනා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවම එදිනෙදා කටයුතුවල නිරත වන ලෙසද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතාවට දන්වා සිටී.

 



අදහස් (0)

ආසාදිත සිසුවියක් පාසල් ඇවිත් 28 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site