වව්නියාව තාණ්ඩික්කුලමේ ඉදිකිරීමට යෝජනා වූ ආර්ථික මධ්‍යස්ථානය ඕමන්තට රැගෙන යාමෙන් උතුරේ සිංහල ව්‍යාපාරිකයින් ඇතුළු ප්‍රදේශ රැසක ව්‍යාපාරිකයින්ට හා ජනතාවට දැඩි අසාධාරණයක් වන බව කියමින් වව්නියාවේ උද්ඝෝෂණයක් පැවැත්විණි.
වව්නියාව දකුණ ව්‍යාපාරික හා විද්වත් සංසදය හා වව්නියාවේ සිංහල දෙමළ හා මුස්ලිම් ව්‍යාපාරික එකමුතුව විසින් සංවිධානය කරන ලද මෙම උද්ඝෝෂණය වව්නියාව එළවළු වෙළඳපොළ ඉදිරිපිට සිට වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය දක්වා ගමන්කරමින් වව්නියාව දිසාපතිවරයාට සන්දේශයක් බාර දුන්නේය.
යෝජිත ආර්ථික මධ්‍යස්ථානය වව්නියාව සිට ඕමන්තට ගෙන යාමෙන් වව්නියාව ,කැබිතිගොල්ලෑව ,පදවිය ,වැලිඔය , මැදවච්චිය ආදි ප්‍රදේශයන්හි ජනතාවට මෙන්ම ව්‍යාපාරිකයින්ට දැඩි අසාධාරණයක් වෙතියි ඔවුහු කියති.
පළාත් සභාවත් වවුනියා දිස්ත්‍රික් සම්බන්ධතා කමිටුවේත් තීරණය වූයේ මෙම වෙළඳ මධ්‍යස්ථානයේ වව්නියාවට කිලෝමීටර් 3ක් ඈතින් පිහිටි තාණ්ඩිකුලමේ විවෘත කළ යුතු බවයි. විපක්ෂ නායක ආර්.සම්බන්දන්ද ඒ අදහස එකඟය. එහෙත් උතුරු මහ ඇමැතිගේ තීරණය වී ඇත්තේ වව්නියාවට කිලෝමීටර් 19ක් දුරින් පිහිටි ඕමන්තේ එම ආර්ථික කලාපය පිහිටුවීමටයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
‘ආර්ථික කලාපය ඕමන්තෙට එපා‘ : වව්නියා ව්‍යාපාරිකයෝ වීදි බසිති
වෙල්ගම Friday, 15 July 2016 03:34 AM
යෝජනා උනේ තාණ්ඩික්කුලමේ හදන්න නම් ඕමන්තේට ගෙනියන්නේ මොකද දැන්.? (ර)