IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතුයි

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවට එන ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

අදානි වැඩසටහන ලංකාවට අවශ්‍ය බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ලියූ ශ්‍රී ලංකා ආර්ථිකයේ පංචායුදය කෘතිය ජනගත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

රාජගිරිය බැංකු විදු පියස පරිශ්‍රයේදී මෙම උත්සවය පැවැත්විණි. " අපි ආර්ථිකයට කළේ කුමක්ද? ඔක්සිජන් දෙමින් හිටපු ලෙඩාට ඔක්සිජන් දීම නතර කර වයර් ටික ගලවා තිබෙනවා.නමුත් ඔක්කොම වයර් ගලවා නැහැ.තාම ලෙඩා ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ.එතනින් ගොඩට ගැනීම මේ ආණ්ඩුවේ වගකීමක්.ඔවුන් ඒක හරියට කරන්න ඕන.

ආර්ථිකය වර්ධනය කරන්න අපට ප්‍රාග්ධන මුදල් තාක්ෂණය තිබිය යුතුයි.අපේ රටේ ඔක්කොම වැඩ කරන්න ප්‍රාග්ධන මුදල් සහ තාක්ෂණය නෑ.එසේ නම් ඒවා පිටින් ගත යුතුයි.චීනය මෙන්ම ඉන්දියාවත් එය කළා.

අප ආයෝජකයන්ට විශ්වාසය දිය යුතුයි.පරණ ක්‍රම වලට ගිහින් ඒ විශ්වාසය කඩන එක හරි නෑ යනුවෙන්ද හිටපු ජනාධිපතිවරයා කීය.

( ඡායාරූප:- සුමුදු හේවාපතිරණ)



අදහස් (17)

ආයෝජකයන් පණ මෙන් සුරැකිය යුතුයි

පොඩිඑකා Tuesday, 25 March 2025 10:49 PM

නැතුව නැතුව, ඒකනේ අපේ කපුටානෝ, හෙලුපාල වගේ ඇමතිලා 10% ක ආරක්ෂිත තැන්පතුවක් මුලින්ම ගත්තෙ, මැදදි දාල යන්න බැරිවෙන්න…!

:       1       9

ප්‍රියන්ත Tuesday, 25 March 2025 10:53 PM

ඒකනං ඔහෙල අගේට කොලා නේ….! අහන්නකො ජපානෙං මොකද වරායෙ කොන්තරාත්තුව, මොනොරේල් එක දාල ගියේ කියල.

:       2       8

Ingibjörg Sunna Friðriksdóttir Wednesday, 26 March 2025 12:10 AM

පිස්සු නැත්නම් ශෝක් , ආර්ථිකය කාපු එවුන්ම පොත් ලියනෝ, පට්ට ජෝක් උබලමනේ රටේ , ආර්ථිකේ කෑවේ උබලාම නේද?

:       2       9

චතුරි Wednesday, 26 March 2025 01:48 AM

ඔය කියන තරම් ඔක්සිජන් නම් ජනතාවට දුන්නෙ නැහැ කදුලු ගැස් මිසක්. අනිත් එක ජනතාවට හොදටම සුවයි දැන්. සේරම හොරු තක්කඩි පගා කාරයෝ බෙහෙත් වෙනුවට වතුර විකුනු හිවල්ලු. මේ සේරමගෙ ඉරනම වෙන්ස්. මේඅය ඉන්නෙදැඩි සත්කාර ඒකකයෙ. ලගදීම පටිතදවෙන්නේඑකට්ටියගේ. මේ ආන්ඩුව කවදාවත් වට්ටන්න බැරි. රටට ජනතාවට ආදරෙයි හැමදේම ජනතාවට. අනිත් නයකයා කියන කාල කන්නි කෙරුවේ තම ප්ව්ලට නැද හිතමිතුරන්ට. ගෝබ්බ රැලට. උන්ට තයයි දැන් යන එනමන් නැත්තෙ. බොරුවට ජනතාවපිටින්දාලා. තමන්ගෙ. දුක කියන්න එන්න එපා ආදානිගෙවැඩේ රජය බලා ගනියි. ගිනි පොලියට. අනිත් රටවලින් වැඩ ගන්න මේ ආන්ඩුවට පිස්සුවක් නැහැ. පිනා නාකිමයිනා කෙරුවේරටේ දේපල මුදල්. අඩු මුදලටයි ගිනිපොලියට නයට ගත්තු එකයි. ඒවල සාපේ තමයි මේ උබලා ගැන ලියන්න පුලුවන්නැව් හ්ස්තක්පිරෙන්න. පොත්. ලගදීම එනවා බටලන්න්දේ. නාකි පිනා කියලා.

:       3       8

Srinath priyantha karunarathna Wednesday, 26 March 2025 01:49 AM

බැන්ද කියන්නේ කිව්වලු ? රටට ආපු හැම ආයෝජකයෙක්ගෙන්ම කප්පම් අරගෙන දැන් කියනවා බණ!"

:       2       8

ලක්විදු Wednesday, 26 March 2025 02:31 AM

ජනතාව විසින් කුණුකූඩයට විසිකල, අඩුම තරමින් මහ මැතිවරණයටවත් ඉල්ලන්න ආත්ම ශක්තියක් නොතිබුණ, රටේ බංකොලොත් භාවයට සෘජුවම වගකිය යුත්තන් දෙදෙනෙක්.

:       2       9

PGPThilak Wednesday, 26 March 2025 04:19 AM

මහජනතාව ඔයා දැන් කී වතාවක් ගෙදර පිටත් කලාද? ආයෙත් එනවා ආයෝජකයින් ගැන කෙඳිරියක් ගාගෙන!. මෙයාගෙ ලැජ්ජා නහර කපලා තියෙන්නේ උපදින කොට වෙන්න ඕන ෂුවර් එකටම!

:       2       9

Nalaka Wednesday, 26 March 2025 05:59 AM

තරුණ සේවා එකේ එහෙම පණ මෙන් රැකලා තියෙන විදිය දැක්කා

:       1       2

බකල ජයා Wednesday, 26 March 2025 07:26 AM

කොටින්ම කියනවනම් මෙතුමා පණ මෙන් රටේ අනාගතය වූ ජාතියේ තරුණ කැල ආරක්ෂාකරල දුන්න නිසා කොමිසම් ඉස්සරහ කඳවුරු ගැන සාක්කිත් දෙන්න උනා.

:       2       17

ජිල්බු Wednesday, 26 March 2025 07:56 AM

කිසිකලෙක දීප්තිය නොදුන් බැසගිය තාරකාවන් එක්තැනෙක දැකිය හැකිවූ එක් සොඳුරු(?) අවස්ථාවක්

:       2       14

ගුණරත්න Wednesday, 26 March 2025 08:10 AM

ඇත්ත, තමන්ගේ මුදල් මෙහෙ අරන් ඇවිත් ව්‍යාපාර කරන්නේ මේ රටේ තත්වය ගැන විශ්වාසය තබල, එහෙම එන මිනිස්සුන්ට හොරුන්, මංකොල්ලකරුවන්, රටේ සම්පත් සූරාකන්නන් කියල අපහාස කරන එක තමයි අපේ උන් කරන්නේ. ඔය ව්‍යාපාරිකයන් අලුත් තාක්ෂනය, අලුත් යන්ත්‍ර, මුදල් මේ හැම දෙයක්ම මේ රටට අරගෙන එනවා, එයින් වැඩි වන්නේ මේ රටේ වත්කම්. ඉතින් ඔවුන් ආරක්ෂා කරන්න යයි විශ්‍රාමික ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කිවූ දේ සත්‍යයි.

:       11       4

අසිත මෙන්ඩිස් Wednesday, 26 March 2025 09:07 AM

ආයෝජකයො කෙසේ වෙතත් කටුනායක පර්යන්තේ හදන්න ආපු ජපන් ආයෝජකයින්ගෙන් කොමිස් ඉල්ලපු නිමල් සිරිපාල වගේ උන්වනම් පණ මෙන් රැක්ක අපි දැක්ක.

:       2       14

UPALI Wednesday, 26 March 2025 09:07 AM

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ආයෝජක එමිරේට්ස් ශ්‍රී ලංකාවෙන් එළවා දමන්නේ කවුද? ගෝටා පන්නා දැමීමෙන් පසු ජනාධිපතිධූරය සඳහා ඔබ වන්දනා කළ හිටපු ජනාධිපතිවරයා ඔහුයි. නොමිලේ කතා කරනවා...... ලාබෙට කතා කරන්න

:       2       13

යෝගා Wednesday, 26 March 2025 09:22 AM

දැනට ඩඩ්ලිවයි ධම්මිකවයි පණ මෙන් සුරකිනවා. අනිත් අයත් ඒ විදියට ආවොත් සලකා බලයි.

:       16       6

ලලනිWednesday, 26 March 2025 11:11 AM

මම කිව්වෙ, මේ මන්ද මානසික යෝගා කියන එක්කෙනාගෙ කමෙන්ට්ස් කියවන්න අප්පිරියයි කියල.

:       3       3

ලූට මූස් Wednesday, 26 March 2025 03:17 PM

කොයි පණ වගේද සීයේ රකින්න ඕන...?

:       2       3

kamal Koyrala Wednesday, 26 March 2025 03:31 PM

පන මෙන් ආරක්ෂා කරන්න අහගන්න කියන්න බැසිල් ගෙන් සහ නිමල් ගෙන්.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 53 0

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මන්ත්‍රී විශ්‍රාම වැටුපට තට්ටු වන පනත ළඟ ළඟ එයි
2025 මැයි මස 09 150 0

පාර්ලිමේන්තු මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනත සංශෝධනය කිරීම සඳහා මේ වන විට කෙටුම්පත් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද වි


මාදුරුඔය ගුවන් අනතුරින් 6 දෙනකුගේ දිවි අහිමි වෙති
2025 මැයි මස 09 2057 1

මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.


රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩසටහනක්
2025 මැයි මස 09 271 0

ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම


ජනපති පාප්තුමන්ට සුබ පතයි
2025 මැයි මස 09 221 0

14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.


දණිස් අමාරුකාරයන්ට සුබ ආරංචියක්
2025 මැයි මස 09 1919 0

සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1253 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 320 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1343 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site