යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව සාකච්ඡා කිරීමට ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී අද රැස්වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුවට එරෙහිව කොළඹ ද, උතුරු නැගෙනහිර ඇතුළු පිට පළාත්හි ද උද්ඝෝෂණ පැවැත්විණි. සංධාන පක්ෂ නායකයෝ ද ඊට නායකත්වය දුන්හ. මහා සංඝරත්නය, වෘත්තිය සමිති හා දඹානේ හා පොල්ලෙබැද්දේ ආදිවාසී නායකයෝ ද ඊට එක්වූහ.
2025 නොවැම්බර් මස 04
723
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1750
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආදි වාසියෝත් රජයේ සහායට
අයේෂා Monday, 27 February 2012 08:07 PM
මේ මිනිසුන්වත් පිටරටට විකුණනවා..
වීරසේකර Monday, 27 February 2012 10:07 PM
අනේ පව් මේ ආදිවාසීනගේ අතට ඉංග්‍රීසි බෝඩ් ලෑලි දීලා..
ඒ අබ් පී සෙනවිරත්න Monday, 27 February 2012 10:12 PM
ජනපති ඡන්දය වගේම නියම ඇත්ත පේනවා..
ජූඩ් Tuesday, 28 February 2012 02:24 AM
අතේ අල්ලන් ඉන්න බෝර්ඩ් වල ඉංග්‍රීසියෙන් ලිව්වෙ මොන ඇත්තද දන්නෙ නෑ..
ඩේවිඩ් Tuesday, 28 February 2012 03:56 AM
අපේ ආදිවාසීන් විපක්ෂෙ අයට වඩා බුද්ධිමත්..
ගයාන් සඳරුවන් Tuesday, 28 February 2012 08:39 AM
මේ පොටෝ එක දිහා බලන්න. රවට්ටන්න මිනිස්සු නැති කල මේ අහින්සක මිනිස්සු ටිකත් පාරට දමල බෝඩ් එකක් දීල.....
කොල්ලා Tuesday, 28 February 2012 08:48 AM
කවුරු වුණත් හොද වැඩක් කරලා තියෙන්නේ. ආදීවාසීණ්ටත් ඉංග්‍රීසි උගන්වලා..
ජීවා Tuesday, 28 February 2012 09:24 AM
දැං මේjd ඇහෙනවද ජිනීවා වලට? ඒගොල්ල නවත්තයි නේද අපේ අය පාරට බැස්සනෙ '
ඩිල්ශාන් Tuesday, 28 February 2012 09:42 AM
තමන්ගෙ පැත්තෙන් වෙන්න ඕන දේවල් ටික කරන්න..අනිත් ටික රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කරන්න ඕනදේවල්.. මේ මිනිස්සු ජිනීවා තියෙන්නෙ කොහෙද කියලවත් දන්නේ නැතුව ඇති.
තරු Tuesday, 28 February 2012 09:51 AM
අපිත් ආණ්ඩුවට සහාය දෙන්න කැමතියි. ආණ්ඩුව සාමාන්‍ය ජනතාවටත් ජීවත් වෙන්න සාහාය දෙනවනම්..
සුසන්ත Tuesday, 28 February 2012 11:16 AM
ලෝකයම හිනස්සන විහිළු. ඔය උස්සන් ඉන්න බෝඩ්වල තියන දේවල් වල තේරුමවත් දන්නවද?
සපුමල් බන්ඩාර Tuesday, 28 February 2012 11:18 AM
අපි ඡන්දු දුන්න ඇතැම් අයට වැඩිය ඉගනගත්තු අය දඹානේ ඉන්නවා. උපාධි ගත්තු අයත් ඉන්නවා. ඒ කිසිවක් නොදන්න අය මේකෙ අදහස් දක්වල තියෙනවා.