IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අලි මුදා හැරීමේ තහනම යළි දික්කරයි

අත්අඩංගුවේ සිටින අලි ඇතුන් 15 දෙනකු බැඳුම්කරයක් මත තාවකාලිකව හිමිකරුවනට මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්   දෙන ලද නියෝගය ජූලි හත් වැනි දා තෙක් වලක්වමින් කොළඹ මහාධිකරණය අද යලින් අතුරු තහනම දීර්ඝ කළේය.

අලි ඇතුන් හිමිකරුවන් විසින් ගොනු කැරුණු කරුණු වලට එරෙහි කරුණු ඇත්නම් ගොනු කරන ලෙස මනිලාල් වෛද්‍යතිලක කොළඹ මහාධිකරණ විනිසුරුවරයා නීතිපතිට නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්ගේ තීන්දුව වෙනස් කරන ලෙස ඉල්ලා නීතිපති විසින් ගොනු කැරුණු සංශෝධිත පෙත්සම නීත්‍යනුකූල නොවේයැයි අලිඇතුන් හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කීහ.

බෞද්ධ උත්සව හා වෙනත් අවස්ථාවලට රැගෙන යෑමට හැකි වන සේ එම අලි ඇතුන් එකකු රුපියල් තුන් කෝටියක බැඳුම්කරයක් මත මුදා හරින්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වනජීවී නිලධරයනට නියෝග කර තිබිණි.

මහේස්ත්‍රාත්ගේ එම නියෝගය මනා පරීක්ෂණයකින් තොරව නිකුත් කළ එකක් බවත් මහාධිකරණය ප්‍රකාශ කළේය.

කැළයේ සිටින අලි ඇතුන් හොරට අල්ලා විකිණීම පිටුපස සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් සිටිතියි රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වා තිබිණි.

මේ අතර මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සඳහා අලි ඇතුන්ගේ හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බව දියවඩන නිළමේ ප්‍රදීප්  නිලංග දෑල මහතා පවසයි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසූයේ මෙරට හීලෑ අලි හිමියන් සියලු දෙනා කැඳවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් පෙරහරට සියලු හීලෑ අලි ඇතුන් සහභාගී කරවිය යුතු බවට පොරොන්දුවූ බවත් එවිට අලි හිඟයක් ඇති නොවන බවත්ය. සාධාරණ හේතුවකින් තොරව පෙරහරට අලි සහභාගි නොකරන අලි හිමියන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා බවද ඇමැතිවරයා කීය.



අදහස් (0)

අලි මුදා හැරීමේ තහනම යළි දික්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 162 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 368 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 158 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site