IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අලුත් සංසදය වට්ටාඩි වැඩට බැහැලා

වෛද්‍ය පරිපාලකයන් නියෝජනය කරන බව කියන කණ්ඩායමකට  නොරැවටෙන ලෙස රජයේ වෛද්‍ය නිලධරයින්ගේ  සංගමය වෛද්‍යවරුන්ගෙන් හා මහජනයාගෙන් ඉල්ලීමක් කරයි

වෛද්‍ය පරිපාලකයින්ගේ  අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංසදයට නීත්‍යනුකූල තත්ත්වයක් නැතැයි සංගමයේ ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා කියයි.

රජයේ වෛද්‍ය නිලධරයන්ගේ සංගමය  පරිපාලකයින් හා ශ්‍රේණිගත  වෛද්‍ය නිලධරයින් නියෝජනය කරන බවත් වෛද්‍ය පරීපාලකයින්ගේ නියෝජිතයින් ලෙස ඉබේම පත් කැර ගත්  පිරිසට කිසිම නිත්‍යනුකූල  ස්ථාවරයක් නැති බවත් ඔහු කියයි.

බොරැල්ලේ රිජ්වේ ආර්යා ළමා රෝහලේ  අධ්‍යක්ෂ තනතුර සම්බන්ධයෙන් පැවැති ප්‍රශ්නය ගැන හදිසි මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වු බවත් එසේ කළේ නව අධ්‍යක්ෂවරයා වැඩ භාරගැනීමෙන් පසුව බවත් ඔහු  පවසයි.

එම රෝහලේ අධ්‍යක්ෂක එම තනතුර බලෙන්  අත්පත් කැරගෙන සිටි බවත්  එම කණ්ඩායම කියා ඇතැයිද එහෙත්  වැඩ බලන අධ්‍යක්ෂවරුන් ලෙස  එම කණ්ඩායමේ  ඇතැමුන් බලයෙන් තනතුරුවල රැදී සිටින බවට රජයේ වෛද්‍ය නිලධරයින්ගේ සංගමය කියයි .

ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ  පරිපාලනයේ සුදුසුකම් ද  ප්‍රශ්න කරන ලෙස  ඔහු වෛද්‍ය පරිපාලන කණ්ඩායමට කියයි.

‘ඔවුන් අපක්ෂපාතී යැයි කිව හැක්කේ එවැනි දෙයක් කළහොත් පමණි .‘

මෙම  කණ්ඩායම ක්‍රියා කැර ඇත්තේ  පෞද්ගලික ලාභ අපේක්ෂාවෙන්  තමන්ට හිතවත් කණ්ඩායමක් නඟා සිටුවීමට මිස සෞඛ්‍ය සේවයේ යහපත සඳහා නොවේ  යැයි වෛද්‍ය නවීන් ද සොයිසා පවසයි.

 

 

  



අදහස් (0)

අලුත් සංසදය වට්ටාඩි වැඩට බැහැලා

සත්‍යයා Tuesday, 18 February 2014 06:08 AM

වත්මන් පාලනය කරන එක විශාලම ද්‍රෝහී කමක් තමයි රටේ ආයතන, ප්‍රධාන දේශපාලන පක්ෂ, භික්ෂු සමාජය, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙකඩ බෙදීම. බෙදා වෙන්කර පාලනය සුද්ද කරගන ගියාට අපේ අධිරාජ්‍ය විරෝධී "අඬහැරය" කොහොමද මේ වගේ පාලන ක්‍රමයකට නිහඬව දර දිය අදින්නේ? (අ)

:       0       0

බණ්ඩා Tuesday, 18 February 2014 06:52 AM

එතකොට ඔයාල වැඩ කරන්නේ සෞඛ්‍ය සේවයේ යහපත සඳහා වෙන්න ඇති.(නදී)

:       0       0

විධුෂක Monday, 17 February 2014 04:19 PM

මේ කට්ටිය උගතුන්ද බුද්ධිමතුන්ද? මහජනතාවට නම් ප්‍රශ්නයක් තිබෙනවා. මේ උදවිය නම් කරන්නේ බාල වැඩවල ඉස්තරම්ම හොඳම එක වගේ. (අ)

:       0       0

සුදත් Monday, 17 February 2014 06:49 PM

දොස්තරලගේ සංගමයත් දෙකට කැඩෙන්න වගේ . රටට හොඳක් සිද්ධ වෙයි වගේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site