(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කතානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.
නව කතානායකවරයා මෙසේද කීය.
මා කතානායක ධුරයට පත්කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම සුභපැතුම් එක්කළ සැමට මගේ ස්තුතිය පළ කර සිටිනවා.
ජනතා අභිලාෂ හා අපේක්‍ෂාවන් මුදුන්පත් කිරීම සඳහා වැදගත් මෙන්ම භාර භාරදූර කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම අන් කවරදාටත් වඩා පාර්ලිමේන්තුවට පැවරී ඇති බව කිව යුතුයි.
එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන ස්ථාවර නියෝග වල විවිධාන මෙන්ම පූර්වගාමී කතානායකවරුන්ගේ තීන්දු හා සම්ප්‍රදායන් පරිචයන් වලට අනුගත වෙමින් පොදු ජන යහපත සඳහා ව්‍යවස්ථාදායකයේ භාරදූර වගකීම් සමුදාය ඉටු කිරීම සඳහා කථානායකවරයා ලෙස ස්වාධීනව මෙන්ම අපක්ෂපාතී ලෙස අභියෝගාත්මක භූමිකාවක් ඉටුකිරීමට මා වෙත පැවරී තිබෙනවා.
එම කාර්යයන් ඉටු කිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බව කිව යුතුයි.අන්‍යෝන්‍යය අවබෝධයෙන් තොරව මහජන අභිලාෂ මුදුන්පත් කිරීම සඳහා ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.
මා මේ උත්තරීතර නිලය දරන තුරු මහජන නියෝජිතයන් ලෙස ඔබ සියලු දෙනාගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කැපවෙමි.
මේ පාර්ලිමේන්තුව කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා ඔබ සැමගේ සහාය ඉල්ලමි.
ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම
වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල
පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අලුත් කතානායකගෙන් ප්‍රකාශයක්