IMG-LOGO

අලුත් එක්කෙනාට අබසරණයි

2016-08-11-ent-08සමහරැ හැන්දෑවට ඇඟ රත්කර ගන්න විෂය භාරව ඉන්න කොමසාරිස් ජනරාල් තැනට ක්ෂණික මාරැවක් ලැබිලලු.. ඒකට හේතුව උන්නැහේ නීතියෙන් පිට වැඩ නොකිරීම කියලයි ආරංචි. 

විෂය ගැන බලය ඇති බලය නිසාම බුද්ධිය අඩුවුණු දේසපාලුතුමෙක් දෙන නීති විරෝධි නියෝග සේරම මුන්නැහේ කුණු කූඩෙට දානවලු. 

පසුගියදා රෙස්ටූරන්ට් හා බාර් ගණනාවකට දෙන්න කියපු පර්මිට් නුදුන්නෙ පාසල් පන්සල් ළඟ තිබුණ නිසාලු... ඒකටත් උන්නැහේට පෝරියල් එකක් වැටිල...

ඊළඟට තමන්ට නටවන්න බැරි පහළ නිලධාරින් මාරැ කරන්න දේසපාලුතුමා කිව්වම ඒකත් උන්නැහේ කළේ නැතිලු. ඉතින් මෙච්චර බලය තියෙද්දිත් ඔය වගේ සිල්ලර වැඩක්වත් එයාගෙන් කරගන්න බැරිනම් මොකටද කියපු බලධාරිය කොමසාරිස් ජනරාල් තැනට ක්ෂණික මාරැවක් දීල.

උන්නැහේ දැන් යන්න ලෑස්තීලු. එයා වෙනුවට එන කෙනාට අබසරණයි කියලයි එතන සේවකයො නම් කියන්නෙ.

 

DESHAYA



අදහස් (0)

අලුත් එක්කෙනාට අබසරණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 374 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 224 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site