
(ඩයනා උදයංගනී)
වහාම අගමැතිවරයෙක් හා කැබිනට් මණ්ඩලයක් පත්කර ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් මහතා පැවසීය.
මේ වන විට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් නොමැති බවත්, පවතින අර්බුදයන්ට වගකිව යුත්තේ ද ඔහු බවත් සුමන්දිරන් මහතා සඳහන් කළේය.
ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ ද ජනාධිපතිවරයා ගෙදර යාම බැවින් ඔහු මේ අවස්ථාවේ රටේ සියලු බලතල දරා සිටීම නොකළයුතු බව ද හෙතෙම කීවේය.
හදිසි නීතිය කැඳවීම සමඟ පාර්ලිමේන්තුව ද කැඳවිය යුතු වුවත් ජනාධිපතිවරයා එසේ නොකළ බව ද සුමන්දිරන් මහතා පැවසීය.
COMMENTS
කොටි ගොරවන තැනට රට පත්වී ඇත. ඔහොම යං...!
LTTE අයට කොහොමත් ඕනෑ වුණේ ඕක තමයි. ජවිපයටත් ලොකු වෙනසක් නැහැනේ..
නිවැරැදි ක්‍රමයක්...
අවශ්‍ය අයට වුවමනා ආකාරයෙන් සියලු දේ වෙමින් පවතියි..
දැන් එතකොට රටේ තීන්දු තීරණ ගන්නේ මෙයා.