IMG-LOGO

අරිසිමලේ වැලි විනාශය ගැන සොයයි

(අමදෝරු අමරජිව)

ත්‍රිකුණාමලය , පුල්මුඩේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනය ඉදිරිපිට මහා පරිමාණයෙන් සිදුකළ වැලි කැනිමක් සම්බන්ධයෙන්  පරික්ෂණයක් ආරම්භ කළ බව භූ විද්‍යා හා පතල් කැනිම් කාර්යංශය කියයි.

එම කාර්යාංශයේ ත්‍රිකුණාමල ප්‍රාදේශිය කැනිම් ඉංජිනේරු කේ.විග්නේෂ මුර්ති මහතා ඇතුලු කණ්ඩායමක් එහි ගොස් වැටලිම සිදු කරද්දි කිසිවකුත් නොසිටි අතර එහි තිබු ස්කැවේටර් දෙකක් අත්අඩංගුවට ගෙන පුල්මුඩේ පොලිසියට භාරදිමට කටයුතු කෙරිණි.

කැනිම් ඉංජිනේරු කේ.විග්නේෂ මුර්ති මහතා පවසන්නේ තම කාර්යාංශයේ නිසි අවසරයක් හෝ බලපත්‍රයක් නොමැතිව සමාගමක්  මෙම වැලි කැනිම් සිදුකර ඇති බවත් සිදු වි ඇති හානිය අනුව සතියක් තුළ වැලි ටොන් 35000 ක් ඉවත්කර ඇති බවත් ය.

 



අදහස් (1)

අරිසිමලේ වැලි විනාශය ගැන සොයයි

Mahasen Monday, 05 June 2023 05:56 AM

හොරාගෙ අම්මගෙන් පෙන අහනව වගෙ වැලි ටොන් 35000 ක් කපන කම් නිදි වැදිල හිටියද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 331 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 502 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 200 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site