අරණායක පෝඩාපේ කන්ද සහ ජනපද කන්දේ ද නාය යාමේ ලකුණු පහළවීමෙන් පසු දෙයියවෙල සහ පෝඩාපේ ග්‍රාම නිලධාරී වසම්වල පවුල් 29ක පුද්ගලයෝ 79 දෙනෙක් පෝඩාගල පුරාණ විහාරයේ තාවකාලිකව කදවුරු ගත කරනු ලැබ සිටිති.
එම ප්‍රදේශයට අද (19) පස්වරු 3.30 පමණ වන විටත් ධාරාණිපාත වර්ෂාවක් ඇදහැළෙමින් තිබිණි. මෙම විහාරස්ථානයේ අවතැන් කඳවුර පෝඩාපේ ග්‍රාම නිලධාරී ආර් ඩබ්ලිව් නාරංවල මහතාගේ අධීක්ෂණයෙන් සහන සැලීමේ කටයුතු සිදුවෙයි.
පන්සලේ තාවකාලිකව නැවතී සිටින වඩු කර්මිකයකු වන එම්.ඩබ්ලිව්. සුසන්ත බණ්ඩාර මහතා කීවේ පෝඩාපේ ප්‍රදේශයේ මීට පෙර දෙවරක් නාය ගිය බවයි. තමන්ට ආරක්ෂිත තැන් නොලැබුණු නිසා නැවතත් ගමට ගිය බව ඔහු කියයි.
"මම පෝඩාපේ. 1956 දී අපේ තාත්තලා ඉන්දි මෙහේ නාය ගිහින් තිබුණා.නැවත 1996 නාය ගියා. ඒ අවස්ථාවේ අපිව තාවකාලිකව පදිංචි පන්සලේ පදිංචි කළා. ගෙවල් සහ ආරක්ෂිත තැන් දෙනවා කිව්වට දුන්නේ නෑ. ඒ නිසා නැවත ගමට ගියා. 2015 නාය යන ලකුණු ආවාම අපිට ආරක්ෂිත තැනකට යන්න කිව්වා. අප පන්සලට ගියා. නමුත් ආරක්ෂිත තැන්වල ඉඩම් ගෙවල් ලැබුණේ නෑ. ඒ නිසා නැවත ගෙදර ගියා. මෙවර නැවත නාය යන්න පටන් අරන්. මෙවරවත් තැනක් ලැබුණොත් හොදයි. " ඔහු පැවසීය.
2025 දෙසැම්බර් මස 30
151
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
769
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
375
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අරණායක තව කන්දක් නාය යෑමේ ලකුණු