IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අයි.එම්.එෆ්. ලැයිස්තුවේ දුම්රියත් තියෙනවා

(යොහාන් භාසුර)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) පෞද්ගලිකරණය කළ යුතු යැයි නිර්දේශ කර ඇති රාජ්‍ය ආයතන ලැයිස්තුවට දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළත්ව තිබෙන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (30) පැවසීය.

පාඩු ලබන ඇතැම් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දී තිබෙන බව කී ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන අමාත්‍යංශය යටතේ ඇති දුම්රිය දෙපාර්තමේන්තුව ඒ අතර තිබෙන බව ද සඳහන් කළේය.

අතිකාල දීමනාව පොඩ්ඩක් එහෙට මහෙට වුණාම දුම්රිය සේවකයන් කරන දේවල් පෙණෙන්නට ඇති බවත් අයි.එම්.එෆ්. යෝජනා ක්‍රියාත්මක කරන්න  තීන්දු ගතහොත් එම කණ්ඩායම්වලට ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බවත් කීය.

ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කොළඹදී අද (30) පැවැති මාධ්‍ය හමුවකදී එසේ පවැසීය. 



අදහස් (8)

අයි.එම්.එෆ්. ලැයිස්තුවේ දුම්රියත් තියෙනවා

RA Wednesday, 30 March 2022 04:41 PM

ඔව්... ඒක තමයි...!! 

:       1       8

sharm warn Wednesday, 30 March 2022 04:58 PM

දුම්රිය, ලංගම, වරාය... තව බොහෝමයක් තැන් පාඩු ලබන තැනට දැම්මේ ඒවට පොරකාගෙන ආව දේශපාලකයෝ... තමනුත් ඒවට වගකියන්න ඕනෑ...

:       0       18

නුවන් Wednesday, 30 March 2022 05:15 PM

අම්මෝ ඒක නම් ලොකු දෙයක්... ඕකෙ වැඩ කරන උදවිය හැර අනෙක් හැමෝම කැමතියි..

:       2       16

Kcn Wednesday, 30 March 2022 05:43 PM

ශ්‍රී ලංකන් එයාලයින්, දුම්රිය, ලංගම, ලංවිම, සිපෙට්කෝ, ඔක්කොම විකුණලා දාන්න.. සල්ලි කාබාසිනියා කරන තැන් ඕවා.. නිදහස් අධ්‍යාපනය සහ සොඛ්‍ය හැර ඔක්කොම විකුණන්න.. මල කරදරේ...!

:       0       18

Prabha Wednesday, 30 March 2022 07:31 PM

නිදියගන්න පැය ගාණටත් අතිකාල ගෙවන ආයතන තියෙන්නේ ලංකාවේ විතරයි.

:       0       10

සත්‍යපාල Wednesday, 30 March 2022 09:12 PM

ඒ කියන්නේ ඒකත් ඉන්දියාවට. මෙහෙම රටක ඉන්නවට වඩා හොඳයි බෙල්ල කපාගෙන මැරෙනවා...

:       2       2

ප්‍රසන්න Thursday, 31 March 2022 01:13 PM

IMF වාර්තාව සතියෙන් ආවා . නමුත් ක්‍රියාත්මක කරන්න අවුරුදු 3ක් වට්ජ් යාවි

:       0       0

Dihan Saturday, 02 April 2022 11:07 AM

මොනවා වුණත් මගේ අදහස නම් දුම්රිය දෙපාර්තමේන්තුව දේශපාලනික හේතු හෝ සේවකයින්ගේ වරදින් හෝ මොනයම් ආකාරයේ හේතු නිසා ජනතාවට නිසි සේවයක් සැපයීමට, අවශ්‍ය වන සේවාව සැපයීමට අපොහොසත් ආයතනයක්. හරි නම් ලංකාවේ දියුණුම ආයතනයක් විය යුත්තේ දුම්රිය සේවාව. නමුත් වෙලා තියෙන්නේ ඒකේ අනිත් පැත්ත.. ලංකාවේ දුම්රිය සේවය දියුණු වුණා නම් ඒක රටේ සංවර්ධනයට සෘජුවම බලපානවා. දැන් වෙලා තියෙන්නේ රටේ බරක් බවට දුම්රිය දෙපාර්තමේන්තුව පත්වෙලා තියෙන එක. ඒ නිසා අනිවාර්යයෙන්ම පුද්ගලීකරණය කළයුතු ආයතනයක් විදිහට දුම්රිය දෙපාර්තමේන්තුව දක්වන්න පුළුවන්...! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 409 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 569 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 234 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site