(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
අතුරු අයවැය පිළිබඳ සෑහීමකට පත් වන්නේ නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනපති අයවැය කථාව ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු සභා ගැබෙන් පිටදී මාධ්‍යට ප්‍රකාශයක් කරමින් කීය.
ශ්‍රී ලංකාවේ අසරණ භාවයට පත්ව සිටින පවුල් පිළිබඳ යුනිසෙෆ් සංවිධාන සංඛ්‍යා ලේඛන සහ අයවැය සංඛ්‍යා ලේඛන අතර පරස්පරතාවක් තිබෙන බවද සජිත් ප්‍රේමදාස මහතා කීය.
අයවැය පිළිබඳ අදහස් දක්වමින් තවදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා:-
අසරණ භාවයට පත්වුණු ජනතාවගේ ගණන අයවැය කතාවේදී හෙළිදරව් කළා. අපිට නම් ඒ පිළිබදව එකඟ වෙන්න බැහැ. මොකද යුනිසෙෆ් වාර්ථාව කියෙව්වොත් ඒ වාර්ථාවේ සඳහන් වෙලා තිබෙනවා මව්වරුන්, දරුවන් දැරියන් කොපමණ අනාරක්ෂිත භාවට පත්වෙලා තිබෙනවාද කියලා. ඒ සංඛ්‍යාලේඛන පහත දමලා පවුල් 61,000ක් ව්‍යසනයට පත්වෙලා ඉන්න බව අයවැයෙන් කියනවා.දත්ත පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා.රටෙි විශාල පරිමාණයක් අසහනයට පීඩනයට, අසරණ භාවට පත්වෙලා තිබෙනවා. රජයක් උපයන මුදල මීට වැඩිය ඵලදායීව රටේ ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කැපකළ යුතු බවට අප විශ්වාස කරනවා.ඒ නිසා අපි නම් මේ අයවැය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නෑ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අයවැය ගැන සෑහීමකට පත් වන්නේ නෑ
ganegoda Tuesday, 30 August 2022 05:31 PM
අයවැය..? ශ්‍රී ලංකාව ළමාමන්ද පෝෂණයෙන් ලෝකයේ 6 වැනි ස්ථානයට...! අයවැය සකස් කිරීමේදී මේ ගැන කල්පනා වුණාද?
Saththaya Tuesday, 30 August 2022 06:15 PM
සෑහීමකට පත්වෙන්නේ මෙයා ජනාධිපති වුණාම... අපි ජීවත් වෙලා ඉඳියිද දන්නේ නැහැ. හාමතේ මියගිහින්...
කිරි පුතා Tuesday, 30 August 2022 06:21 PM
මෙයා සෑහෙන්නෙ එයා ජනාධිපති වුණාම. ඒක ඉතින් එළි නොවන සිහිනයක්.
chandima Wednesday, 31 August 2022 02:01 AM
දැන් වයසයිනේ.. ඒකයි..
චන්දන Wednesday, 31 August 2022 06:48 AM
මේ පුතා කියන කතා ගැන මීට පස්සේ කොමෙන්ට් නොදා ඉඳිමු. මොකද ඊළඟ ඡන්දෙදී මෙයාට යන එන මං නැති වෙනවා. ඒ වගේම දැනට වුණත් මෙයාට විපක්ෂ නායකකම දීපු එක වැරැද්දක්. බුද්ධිමත් අය පාර්ලිමේන්තු යවන්න ඕනෑ කියන්නේ මෙන්න මෙයාලා වගේ අය නිසා...
ජයලත් Wednesday, 31 August 2022 07:03 AM
ඕක ඉතින් සාමාන්‍ය දෙයක්.. රජය කරන කිසිම දෙයක් විපක්ෂය අනුමත කරන්නේ නැහැ...