IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අමල් ඇතුළු 6 ක් ලංකාවට

(ටී.කේ.ජී.කපිල සහ නිමන්ති රණසිංහ )
පාතාල නායකයකු වන මාකදුරේ මදූෂ්  නැමැතා  සංවිධානය කරන ලද උපන් දින සාදයකට සහභාගීවීම සදහා ඩුබායි වෙත ගොස් සිටියදී , එරට පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන රඳවා ගෙන සිටි ගායන ශිල්පී ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු අද (23) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
 
 ඔවුන් අද අලුයම 5.03 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්  යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
 ගුවන් තොටුපළ වෙත පැමිණීමෙන් පසුව මොවුන් ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් භාර ගෙන වැඩිදුර විමර්ශන සදහා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු සහ ජාතික රහස් තොරතුරු ඒකකයේ නිලධාරීන් වෙත භාර දී තිබේ .

මොහොමඩ් ෆවුසි මොහොමඩ් අස්මී ,රණුක්ගේ දීපාල් චමින්ද ,හෙට්ටිහේවා අමිල ප්‍රසංග , කලුපහන ෂෙල්ටන් , තුසේ පෙරේරා ලියනරාළලාගේ අමල්  ප්‍රියන්ත , රණවකගේ ධම්මික නුවන් රණවක යන  සැකකරුවෝ  මෙලෙස අත්ුඩංගුවට ගෙන ඇත.

 



අදහස් (6)

අමල් ඇතුළු 6 ක් ලංකාවට

Kumar Tuesday, 23 April 2019 04:49 AM

දැන් ඔයා ගැන හොයන්න කවුරුත් නෑ.... කට්ටියට ඔයා අමතකයි..

:       0       76

abiya Tuesday, 23 April 2019 04:59 AM

නියම වෙලාව රටට රිංගගන්න......

:       0       85

Sugath Tuesday, 23 April 2019 05:07 AM

අපරාදේ ලංකාවට එව්වේ. එහෙදීම දඬුවම් දෙන්න තිබ්බේ. දැන් ඉතින් මේගොල්ලන්ව නිදොස් කොට නිදහස් කරවී . අනේ අපේ රටේ නීතිය.

:       0       103

පිටිගල මිලානෝ Tuesday, 23 April 2019 05:40 AM

මෙයා මීට වඩා ලොකු භූමිකාවක් මේ කුඩු ජාලය තුල කර ඇති බව තේරුම් යනවා. ඒ නිසා හොදින් හොයන්න මදුෂ්ට මෙතරම් ලං වෙන්න හේතුව.

:       1       63

Raveendra Tuesday, 23 April 2019 06:07 AM

මේ අලකලංචි අස්සේ කිසිදු වරදක් නොකර නිකරුනේ යකඩ කුරු ගනිමින් සිටි හතරට ගැනගන්න බැරිව සිටි මේ අහිංසකයන් ටිකත් මේ වෙලාවේම මෙහෙට ආවනෙ හැබැවට. මොකට මෙහෙට එව්වද මන්දා.

:       0       83

Chandima Tuesday, 23 April 2019 09:51 AM

ඩුබායි අලකලංචිය කියලා ඇල්බම් එකක් ගැහුවා නම් හැමෝම ගනීවි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 305 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2123 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1614 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site