IMG-LOGO

අ‘පුර අධිකරණය අධ්‍යාපන බලධාරීන්ට දෙහි කපයි

(උපාලි ආනන්ද)

විදුහල්පතිවරයකුගේ ස්ථාන මාරුවක් අත්හිටුවමින් මහාධිකරණය පනවා තිබූ අතුරු තහනම් නියෝගය කඩකර ඇති බව තහවුරු වුවහොත් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ උතුරුමැද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට එරෙහිව දැඩි දඬවම් පමුණුවන බව අනුරාධපුර මහාධිකරණ විනිසුරු ශ්‍රීනාත් ගුණසේකර මහතා විවෘත අධිකරණය හමුවේ අද පැවැසීය.

අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සහ උතුරු මැද පළාතේ අධ්‍යාපන බලධාරීන්ට මහාධිකරණ විනිසුරු එලෙස දැඩිව ප්‍රකාශ කළේය.

නාච්චාදූව කළුවල සේන මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා නීති විරොධීව ස්ථාන මාරු කිරීම අභියෝගයට ලක්කරමින් අනුරාධපුර මහාධිකරණය හමුවේ පවා තිබූ නඩුවක් යළි විභාගයට ගත් අවස්ථාවේ පෙත්සම්කාර විදුහල්පතියර වෙනුවෙන් ‍ජ්‍යෙෂ්ඨ නීතිඥ සජීව ගුණරත්න මහතා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමින් මහාධිකරණ විනිසුරු එසේ පැවැසීය.

පෙත්සම්කාර විදුහල්පතිවරයා වෙනුවෙන් දරුණු දැක් වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ සජිව ගුණරත්න මහතා කරුණු දක්වමින් පෙත්සම්කාර විදුහල්පතිවරයාට ලබාදී ඇති ස්ථාන මාරු අත්හිටුවීමේ තහනම් නියෝගය කඩ කරමින්  ස්ථාන මාරුවක් ලබා දී ඇති බව අධිකරණය හමුවේ කියා සිටියේය.

එම කරුණු සලකිල්ලට ගත් විනිසුරු චින්තක ශ්‍රීනාත් ගුණසේකර මහතා සඳහන් කළේ වගඋත්තරකාර නිලධාරීන් අධිකරණයට කැඳවන තුරුර නඩුව අඟලක් හෝ සෙලවීමට සූදානම් නැති බවයි.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා නියෝගයකට අනුව අනුරාධපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ඇතුළු අධ්‍යාපන බලධාරීහු විනාඩි කීපයකින් අධිකරණයේ පෙනී සිටියහ.

 

 



අදහස් (0)

අ‘පුර අධිකරණය අධ්‍යාපන බලධාරීන්ට දෙහි කපයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 495 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 675 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site