අනුරාධපුරයේ ලොකු කුඩා වැව් 2994න් 80%ක් පමණ වාන් දමතියි වාරි ඉංජිනේරුවෝ කියති.
පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ එච්.එම්.ජේ.හේරත් මහතා පවසනුයේ අද තදින් වැසි ලැබුණහොත් එම ජල කඳ වැව් වලට දරාගත නොහැකි තත්ත්වයක් උදාවිය හැකි බවයි. අනුරාධපුරයේ පැරැණිම වැවක් වන නාච්චදූව වැවේ සියලුම දොරටු අද විවෘත කැරිණි.
දොරටු හයම අඩි 6 බැගින් ඔසවා ඇතැයිද මල්වතු ඔය නිම්නය මුළුමනින්ම වාගේ යටවී ඇතැයිද දුම්රියපොළ අසලින් පටන්ගන්නා ජයන්ති මාවතේ සපත්තු පාලමද අඩි 6ක් පමණ යටවී පූජා නගරයේ බොහෝ තැන්වලට ගංවතුර ගලා ඇතැයි ද මල්වතු ඔයේ ගල්පාලම ද යටවී ඇතැයිද වාර්තාවේ.
අනුරාධපුර නුවර ප්‍රධාන මාර්ගය හරහා කලත්තෑව ප්‍රදේශය මැදින් ගලා බසින ජලය හේතුවෙන් කලැත්තෑව මහා විද්‍යාලයද වසා දැමීමට සිදුව ඇත.
අදත් තද වැහි පවතී.
අනුරාධපුර තිරප්පනේ නැගෙනහිර නුවර ගම්පළාත, නොච්චියාගම, තලාව, ඉපලෝගම, පලාගල, තඹුත්තේගම ගංවතුරු හානි වාර්තා වේ.
පවුල් 650ක පමණ 1400කට ආසන්න පිරිසක් අවතැන් වී සිටින බවත් ඔවුනට නවාතැන් හා පිසූ ආහාර සපයා ඇති බවත් පී.පී.ජී.කුමාරසිරි මහතා කියයි.
පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට මුදල් වෙන්කර ඇතැයි මුදල් ඇමැති රවී කරුණානායක මහතා පවසයි. හදිසි මරණයක් සඳහා රුපියල් ලක්ෂයක් ද, ආපදාවකට ලක්වී මිය යන ධීවරයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක් ද ගෙවීමට නියමිත බව ඇමැති කියයි. දේපළ හානි වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 දක්වා වන්දි ගෙවන බවත් ඔහු කියයි. ජාතික රක්ෂණ බාර අරමුදලද විපත් වන්දි ගෙවන බව ඇමැති කියයි.
ගංවතුරෙන් හා නායයෑම් හේතුවෙන් අවතැන් වන පුද්ගලයකුට දිනකට වෙන් කෙරෙන මුදල රුපියල් 150 සිට රුපියල් 225 දක්වා වැඩිකිරීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර ඇත.
ජායාරූප - දයාරත්න ඇඹෝගම
ජායාරූප කිත්සිරි වනසිංහ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
අ‘පුරට අදත් වැස්සොත් වැව්වලට හානි ?
ලක්මාල් Tuesday, 17 May 2016 11:07 AM
අතිතයේනම් වැසි අපුරට අයහපත් උනේ නැහැ. (ර)
චන්දන Tuesday, 17 May 2016 06:56 AM
රටේ නායකයෝ වග කියන්න ඕනේ මෙවැනි විපත් රටකට ආවම (ම)
බණ්ඩාර Tuesday, 17 May 2016 07:33 AM
මේවා වෙන්නේ රටට නරක කාලයක් එනකොට. මේක දේව ශාපයක් (නි)
වරුණ Tuesday, 17 May 2016 08:05 AM
අපේ රටේ අපේ පුජනිය තැනක් වුණ අනුරපුරේ නගරයට කාගේ ඇස්වහක් වැදිලද? (නි)
ප්‍රියාන් Tuesday, 17 May 2016 06:05 AM
වැව්වල තියෙන මඩ අයින් කළා නම් වැව් මේ වගේ වාන් දමන්නේ නැහැ.(අ)