IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල ඩ්‍රෝන කැමරාවක් යවලා

(දයාරත්න ඇඹෝගම)                                                                                                     

අනුරාධපුර ගුවන් හමුදා කදවුර ආසන්නයේ අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බොරලැස්ගමුව,ගනේමුල්ල,ඉබ්බාගමුව හා හොරණ පදිංචි කාන්තාවක් හා පිරිමි පුද්ගලයන් සිව් දෙනෙකි.

අත්අඩංගුවට ගෙන ඇති මෙම පිරිස බොරලැස්ගමුව ප්‍රදේශයේ පවත්වාගෙන යන දැන්විම් ආයතනයක අයිතිකරැ හා ඔහුගේ සේවකයන් පිරිසකි.

අනුරාධපුර,තම්මැන්නාපුර විදුහලට ආධාරදිම සදහා පසුගියදා පුද්ගලික ආයතනයක් එකගතාවය පළකොට ඇතැයි පොලිසිය කියයි.

ඒ අනුව මෙම විදුහල පිළිබදව වාර්තාමය වැඩ සටහනක් නිෂ්පාදනය කරදෙන ලෙසට එම පුද්ගලික ආයතනය විසින් බොරලැස්ගමුව පිහිටි මෙම දැන්විම් ආයතනයට භාර කොට ඇති අතර ඒ අනුව ඔවුන් විසින් රැගත කිරිම් සදහා ඩ්‍රෝන කැමරාව ගුවන්ගත කොට ඇති බවද පොලිසිය සදහන් කළේය.

අනුරාධපුර ගුවන් හමුදා කදවුර ආසන්නයේ මෙම පාසල පිහිටා ඇති අතර ඩ්‍රෝන කැමරාව ගුවන් ගතකරන අවස්ථාවේදි ඒ බව ගුවන් හමුදා කදවුරේ රේඩාර් පද්ධතියේ සටහන්ව තිබුණි.ඒ අනුව ගුවන් හමුදා කදවුරේ නිලධාරින් විසින් පොලිසියට කළ දැනුම්දිම මත අනවසරයෙන් ඩ්‍රෝන කැමරාවක් ගුවන්ගත කිරිමේ චෝදනාව මත මෙම පුද්ගලයන් හා ඩ්‍රෝන කැමරාව අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරැවන් පස් දෙනා අද(11)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති

 



අදහස් (10)

අනුරාධපුර ගුවන් හමුදා කදවුර අසල ඩ්‍රෝන කැමරාවක් යවලා

ලුම්බිණි Friday, 11 December 2020 08:03 AM

මේක අධිකරණයට ඉදිරිපත් කිරිමට තරම් දෙයක්ද? මේ කියන විදියට නම් වෙලා තියෙන්නේ අවවාදයක් කරලා යවන්න නේ තිබුනේ. ප්‍රසිද්ධියේ නීතිය කඩන මිනිස්සු, හොරු රට පුරාම. මේ වගේ කෙනෙක් අල්ල ගත්තම ලොකු දෙයක්.

:       12       60

RaveendraFriday, 11 December 2020 09:31 AM

ඔබගේ අදහස්වලට ගරු කරන්නෙමු.. නමුත් අදාළ කාර්යය සදහා අවසර ලබාගෙන එය ඉෂ්ඨ කරගැනුමට අවස්තාව තිබුනා නොවේද ? එලෙසම ප්‍රසිද්ධියේ නීති කඩ කරන්නේ ඒ ඒ තිරිසනුන් මිනිස් ආත්ම ලබපු තිරිසනුන් බැවිනි.. එසේ ගත්කල අපද එවන් තිරිසනුන්ගේ ඝනයට එකතුවිය යුතුද නැද්ද තීරණය කිරීම මෙය කියවන ඔබ ඇතුළු පාඨකයන් සතුය..

:       4       5

kamal Friday, 11 December 2020 09:49 AM

කදවුර ආසන්නයේම මෙම පාසල පිහිටා තිබීමෙන් සිදුවුණු දෙයක්.... මේක පැහැදිලිවම නොදැනුවත්කමින් සිදුවුණු දෙයක්. මෙය විශාල වරදක් සේ සැලකිය යුතු නොමැත.

:       3       6

සිරි Friday, 11 December 2020 02:19 PM

ඩ්‍රෝන කැමරා තියෙන අය හිතාගෙන ඉන්නෙ එයාල කැමති කැමති විදිහට තව කෙනෙකුගේ පුද්ගලිකත්වයට හානි වෙන මට්ටමට වුනත් ඒවා පාවිච්චි කරන්න පුළුවන් කියලයි. ඒවටත් නීති රීති සහ ආචාර ධර්ම තියෙනව කියලා හිතන්නෙ නැහැ. හමුදා කඳවුරක් අසල මෙහෙම දෙයක් කරන්න තරම් මෝඩද මේ මිනිස්සු...

:       1       5

hettiarachach1 Friday, 11 December 2020 09:31 PM

ඔන දෙයක් කිව්වහැකි... ඔයාලා වගේ අය ඉන්න කොට කොහොමද රටක නීතියක් ක්‍රියාවෙ යොදවන්නේ..?

:       4       4

Wca Saturday, 12 December 2020 04:33 AM

ඕක තම්බියෙක් කරානම් මෙලහකට පරීක්ෂණ කරනවා කියල බයිලා ගහල ගෙදරටත් ගිහින් දාල මෙලහකට .

:       3       7

prasanna Saturday, 12 December 2020 05:07 AM

මෙක ජාතික ආරක්ෂාවට තර්ජනයක්... අවවාද කරලා මුදා හරින්න තිබ්බ යහපාලනය වගේ පිස්සු පාලකයෝ හිටියා නම්.. පාස්කු ප්‍රහාරය දැක්කේ නැහැ.. වගේ මෙ මිනිස්සු කරන්නේ...

:       5       5

රට වැසියා Saturday, 12 December 2020 05:30 AM

අපි තවම හැකිලුන රටක, මේ වගේ ආකල්ප සහ පුහු දැනුම නිසා තමයි අපට කවදාවත් ඉදිරියට යන්න බැරි. මෙවගේ දේවල් වලින් රටේ ජාතික ආරක්ෂාවට මොකක්ද වෙන තර්ජනය? කාට හරි ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරන්න අවශ්‍ය නම් මේ විදියට සෙල්ලම් බඩුවක් පාවිච්චි කරන්න ඕනද? වෙනත් රටකට අපි ගැන ඔත්තු බලන්න ඕන නම් මේ වගේ සෙල්ලම් බඩු රටට එවන්නේ නැ! - අපේ රටට පය තියෙන්නේවත් නැතුව තොරතුරු ගන්න පුලුවන් අන්තිම දශමයට ගනන් හදලා, ලෝකය ඩ්‍රෝන යුගයට දියුණු වුනත් අපි ආකල්ප, දැනුම අතින් තවම ඉන්නේ ගල් යුගයටත් එහා යුගයක...

:       5       9

නුවන් Saturday, 12 December 2020 12:03 PM

බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපළ අසල මේ කුඩා ඩ්‍රෝන යැවීම නිසා ඇතිවු ප්‍රශ්න නිසා දැන් ඩ්‍රෝන යානා යැවීමට ලයිසන් ගන්න ඕන. මේ නීති ලගදි ආපූවා.

:       0       3

Kuma Saturday, 12 December 2020 03:11 PM

ගූග්ල් ආයතනයේ ලොක්කන් අත්අඩංගුවට ගන්න. ගූග්ල් මැප් මගින් ජායාරූප ලබාගෙන ඇති නිසා

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site