
(සුජිත් හේවාජුලිගේ, අංජුල මහික වීරරත්න සහ බුද්ධික කුමාරසිරි)
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් හිස්වන එම මන්ත්‍රී ධූරය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා පත් කරනු ලැබ ඇත.
මීට අදාළ ගැසට් නිවේදනය අද (23) නිකුත් කෙරිණි.
අනුර දිසානායක මහතාගෙන් පසු කොළඹ දිස්ත්‍රික් ජාතික ජන බලවේග ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබාගෙන සිටියේ ලක්ෂ්මන් නිපුණාරච්චි මහතාය.
තමා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මියට දැනුම් දුන්නේය. මේ අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම්වරිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දුන්නාය.
ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා පත් කෙරුණේ ඒ අනුවය.
නිපුණාරච්චි මහතා එම මන්ත්‍රී ධූරයේ ලබන මස 8 වැනිදා දිවුරුම් දීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
150
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
767
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
374
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනුරගෙන් හිස් වූ පුටුවට නිපුණාරච්චි