IMG-LOGO

අනියම් පෙමට පිටුපෑවැයි නීතිඥවරියට පිහි පහර

(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම්)

අනියම් ප්‍රේම සම්බන්දයක් මුල්කර ගනිමින් රජයේ නීතිඥවරියකට අද රාත්‍රියේ පිහිපහර එල්ල කල හිටපු හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගත්බව  පානදුර දකුණ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 39 හැව්රිදි හිටපු හමුදා සෙබළෙකු බව පොලිසිය කීය.

පහරදීම යොදාගත් පිහිය පොලිස් භාරයට ගෙන ඇති බවද පොලිසිය පවසයි .

සැකකරු නීතිඥවරිය සමග කලක පටන් අනියම් ප්‍රේම සම්බන්දයක් පවත්වා ඇති බවත්, ඇය මෑතකදී ඔහු මගහැර සිටීම හේතුවෙන්  ඇය පානදුර දුම්රියෙන් බැස නිවසකරා අද යමින් සිටියදී  පිටට සහ අතට පිහිපහර තුනක් එල්ලකර ඇති බවත් පොලිසිය කීය.

සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමෙදී පානදුර දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට රාජකාරි යෙදී සිටි රථවාහන අංශ නිළධාරීයෙක්ද සුළු කැපුම් තුවාල ලබා ඇතැයිද සදහන් වේ.

තුවාල ලැබු නීතිඥවරිය පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය කීය.

ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර නාවුල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වති.



අදහස් (1)

අනියම් පෙමට පිටුපෑවැයි නීතිඥවරියට පිහි පහර

Bunny Preena Tuesday, 27 June 2023 11:33 AM

ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියන පඬි වදන මතක් උනා .ලෝකය රඟ මඩලකි අපි එහි නළු නිලියෝ වෙමු

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 521 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site